කොන්දේසි වලට එකඟ දත්ත වෙනස් ආකාරයෙන් නිරූපණය කිරීම

අප විසින් සකසනු ලබන එක්සෙල් වැඩපොතක ඇතුළත් කරනු ලබන දත්ත විවිධ වූ ආකාරයෙන් නිරූපනය කිරීමට අපට සිදුවේ. මෙහිදී බොහෝ විට home ටැබ් එක යටතේ ඇති පහසුකම් භාවිතයෙන් අක්ෂර ලොකු කුඩා කිරීම විවිධ වර්ණ වලින් නිරූපනය කිරීම, සෙල් එකක දත්ත  දැක්වෙන දිශානතිය වෙනස් කිරීම ආදියත් Number යටතට අයත් වන දත්ත විවිධ ආකාරයෙන් නිරූපනය කිරීමත් කළ හැකිය. මෙහිදී එක් එක් දත්ත තෝරාගනිමින් මෙම ආදේශනයන් කරනු ලබන නමුත් යම් කිසි තාර්කික එකඟතාවයකට (කොන්දේසියකට අනුව)  ගැලපෙන දත්ත යම් වෙනස් ආකාරයකින් නිරූපනය කිරීමක් සිදු නොවේ.


නමුත් එක්සෙල් හී ඇති Conditional Formatting  පහසුකම භාවිතයෙන් දත්ත සඳහා කොන්දේසි ඇතුළත් කිරීමෙන් එම කොන්දේසියට එකඟ දත්ත පමණක් වෙනස් වූ ආකාරයකින් නිරූපනය කරගත හැකිවේ. මෙම පහසුකම වඩා ප්‍රයෝජනවත් පහසුකමක් වනුයේ එමගින්  අපට රූපික අදහසක් ලබාදෙන බැවින්ය. එක් උදාහරණයක් ඇසුරින් මෙම පහසුකම විමසා බලමු.


ඉහත උදාහරණයෙහි දැක්වෙන worksheet එකෙහි සතියේ එක් එක් දිනයන් හී එක් එක් ස්ථාන පහක් වෙත ලැබුනු වර්ෂාපතනය ලකුනු කොට ඇත.  මෙහිදී වැඩිම වර්ෂාවක් ලද දින හා ස්ථාන පහ කුමක්දැයි හදුනාගැනීමට අවශ්‍ය යැයි සිතන්න. මේ සඳහා අපට conditional formatting යටතේ තිබෙන Top/Bottom Rules යටතේ දැක්වෙන Top 10 Items යන කොන්දේසිය තෝරාගන්න.


මෙහිදී අපගේ කොන්දේසිය වනුයේ වැඩිම වර්ෂාවක් ලද අවස්ථා පහ බැවින් 10 වෙනුවට 5 යන්නද with යන්නෙන් ලබාදිය යුතු වර්ණ ගැලපුමද හදුන්වාදෙන්න. එවිට වැඩිම වර්ෂාවක් ලද අවස්ථා පහ ඉහත රූපයේ පරිදි දැකගත හැකිවනු ඇත.

Data Bars
දත්තයන් ඇතුළත් කොට ඇති සෙල්එක තුළම එහි සටහන් කොට ඇති අගයෙහි වටිනා කම වැඩිම හා අඩුම අතර අගය සමඟ සංසංදනාත්මකව හා එම සෙල්එකෙහිම ප්‍රස්තාරයක් ආකාරයෙන් නිරූපණය කිරීම සඳහා Data Bars යන පහසුකම භාවිත කළ හැකිය. මෙහිදී තෝරාගත් දත්තයන්ගෙන් වැඩිම අගය දැක්වෙන සෙල්එක සම්පූර්ණ වර්ණ ගැන්වී හා අනෙක් සෙල් එම අගය අනුව ප්‍රමාණාත්මකව වර්ණ ගැන්වී දැකගත හැකිය. පහත දැක්වෙන උදාහරණය නිවැරදිව අවබෝධ කොට ගන්න.



Highlight Cells Rules
අපට කැමති කොන්දේසියක් අදේශ කොට ඒ අනුව යම් වෙනස් ආකාරයෙන් නිරූපණය කිරීම සඳහා මෙම පහසුකම භාවිත කළ හැකිය. මෙහිදී පෙර සැකසූ කොන්දේසි මේ යටතේ දැක්වෙන අතර ඉන් ඔබට අවශ්‍ය කොන්දේසිය තෝරාගත හැකිවේ.

මෙහිදී අපට කැමති ආකාරයෙන් මෙම කොන්දේසි භාවිත කළ හැකි වුවද වඩා වැඩි කොන්දේසි ප්‍රමාණයක් ලබාගැනීම සඳහා මෙහි දැක්වෙන More Rules... යන විධානය තෝරාගත හැකිය. මෙමගින් බොහෝ කොන්දේසි ඇතුළත් කිරීමටත් අපට කැමති ආකාරයෙන් format කිරීමත් කළ හැකිය. මෙමගින් අපගේ දත්ත වඩා ආකාර්ශනීය හා පැහැදිලි  ආකාරයෙන් නිරූපණය කළ හැකිවේ.

2 අදහස් හා මතවාද:

හැකියාවට හිමි රැකියාව උදුරගත් Copy Paste නූතනය.

පරිගණකය අප ජීවිතය අපූර්ව වූ ඉසවුවක් වෙත ගෙන ගොස් ඇත. කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වා සියලු අවශ්‍යතා සැපිරීමේ අපූර්ව වූ කාර්යයේ මෙය නියලෙමින් ඇත. නමුත් මගේ මාතෘකාවත් එහි දිගහැරුමත් මගේ ජීවිතය මොකක්දෝ වරදක් කලායැයි මට එත්තු ගැන්නූ දිනයක් පිලිබදවය.


දිනය 2008 ‍ජනවාරි මස එක් දිනක් ‍බව මට මතකය. SLIDA පංති‍ය අවසන් කොට මා බසයට ගොඩ උනේ මා විසින් ලබාදිය යුතු උපරිම දැනුම මා විසින් ලබාදුන්නාය යන හැගීමෙන්ය. තව වසර ගණනකට පසුව මා විසින් ලබාදුන් දැනු‍මින් මෙම පෘතුවියෙහි වෙන වෙනස් කම් මනසින් විදිමින් ගමන් කලෙමි. මා මේ ‍පොලවට බරක් නොවේ යන හැගීමත් මොකක්දෝ අඩම්බරයකුත් සිතේ තිබුනද සැබෑ ලෙසම මා ගමන් ගන්නේ බසයක බව තේරුම් ගත් මා අසුනක කොනක් අල්ලාගත්තේ ජීවිතයට පොඩිහෝ වාරුවක් අවැසි බැවින්ය. සුලු මොහොතකින් පින්සල් කිහිපයක් අති‍න්ගෙන තීන්ත ගෑවුනු ඇදුමකින් සැරසී ගත් අවුල්වූ හිසකෙස් සහිත පුද්ගලයෙකුද මේ බසයට ගොඩ උනේ බ‍සයේ සැමටම තිබූ ගමනාත්තයක අරමුනකින් තොරව බව මට සැනකින් තේරුම් කරදෙමින්ය. මේ බසයට ගොඩවුනේ වර්ථමා‍නයේ සිගමන් යදිමින් ජීවිතය ජීවත් කරගන්නට වෙරදරණ සැබෑ කලාකරුවෙක් බව මට පසක් වූයේ ඔහුගේ  දුක් අදෝනාවෙන් හා ඔහු තෙලිතුඩින් ඇදි සිතුවම් දුටුවිටය.


මහත්තයෝ දැනට අවුරුදු ගානකට ඉස්සර  මම කාටවත් අතපෑවේ නෑ මම තමයි සුනිල් ආර්ට්. කොලඔ තියෙන ගොඩක් බොඩ් ඇන්දේ මම. එකවැඩක් ඉවරවෙන්න කලින් තවවැඩක් ආවා. මහත්තයෝ පරාට කමුද, බුරියානිකමුද, දවල් කමුද, රා බොමුද කියලා බෝඩ් ඇන්ද මට අද ජීවිතය ගෙනයන්න වෙලා තියෙන්නේ මේ විදිහට කියලා ඔහු කියාගෙන කියාගෙන ගියත් ඉන් පසු කියූ කිසිවක් මා මනසට ගෙන යන්න තරම් හඩින් නොතිබුනාද නැත්නම් මා මණස ඔහු‍ වෙනුවෙන් හටගත් දුකින් එය නිවරදි අයුරින් තැම්පත් කොට නොගත්තේදැයි මට සිතා ගත නොහැක. මා ඊට පෙර සතියේ Photoshop ඉගැන්වූ අයුරුත් එහි ඇති මහා විස්කම් තේරුම් කරදුන් අයුරුත් මා  මනසට ව‍දදෙමින්  සිහිපත් කර දුන්නද මා උඩ සාක්කුවේ වූ රුපියල් පනහේ ඉතිරිය හැර යමක් මා ඔහුගේ අතේ නොතිබුවේ බසයෙන් ගම්පොල දක්වා එන්න තරම් ප්‍රමාණවත් මුදලක් පමනක් මා සන්තකයේ තිබුනු  බැවිනි.


දෙවියනි ! අකුරක් නිවරදිව ලිවීමට හෝ නොහැකි අය කලා කරුවන් නිර්මාණය කල අකුරු හැඩද,  පින්තූරයක සැබෑ වටිනාකම හා එය ගන්නට යෙදූ ආයාසය ද නොදැන එහි ඇති කොටස් කපා ඉවත්කොට එකට අමුනා කරන මෙම පරිගණක නිර්මාණ තුල සැබෑ කලාත්මක හැකියාවන් කෙලෙසකවත් දැකගත හැකිද. පරිගණකය නොමැතිව පින්සලක් අතින් ගෙන ඔවුනට මෙවැනි නිර්මාණ කල හැකිද, අප නිර්මාණ ලෙස කොට ඇත්තේ Copy Paste මිස අන් කවරක්ද?, අප මේ  හබායන්නේ කුමක්ද. පිටරටින් ගෙන්වූ උපකරණ හා එයට ඇතුලත් කරන තීන්ත හා මෘද්‍රණය කිරීමට යොදාගන්නා කැන්වස් Digital Printing  නමින්  මෙරට අලෙවි කිරීමට තෝතැන්නක් සකසාදීම නොවන්නේද. අනාගතයේ මේ කලා කරුවන් ගෙන් පසුව ඉතිරිවනුයේ Copy Paste කරුවන් පමනක් නොවේද.

අපට වැරදී ඇතිද? වැරදුනේ කොතනද? සිතන්න.
ඔබ හිතෙහි ඇතිවූ හැඟීම ?.  ලියන්න.

ඔබ, මා ලබාගන්නා දැනුම ලෝකයේ කවරෙකුට හෝ හානිදායක නම් එහි ඇති ඵලය කිමක්ද? අප කරනුයේ Copy Paste නම් ?.  ඔහුට අහිමිකල අනාගතයම අපටද නුදුරේදීම හිමිවනු  ඇත.

 

අද පාඩම

පොටෝෂොප් යනු බොහෝ වැඩ කළ හැකි මෘදුකාංගයක්ය. මෙම මෘදුකාංගය භාවිතයෙන් වෙබ් අඩවියක ආරම්භක පිටුව හා එම වෙබ් පිටුව HTML ආකාරයෙන් ගබඩා කොට ගන්නා අන්දම විස්තර කරන විනාඩි තුනක වීඩියෝව නරබන්න

 



0 අදහස් හා මතවාද:

Ubuntu ලැපේ - VMware ඇදේ - Mac OS සමඟ නිදාගතිමි

(පැරණි ලිපියකි). මා වෙනදා රාජකාරී කළේත් ජීවත් වූවේත් ගම්පොළය. මෙම වසරේ මා තීරණය කළ පරිදි සියබලාණ්ඩුව වෙත රාජකාරි මාරුවක් ලබාගතිමි. සියබලාණ්ඩුවේ වැසියන් වූ කලී ලොකු හරි අපූරු පුද්ගලයන්ය. මොවුන්ගේ ඇතැම් වැඩ මට ගෙන දු‍න්නේ ආතල්මය. ගොඩක් මිනිසුන් කරන්නේ එක දෙයක්ය, කියන්නේ වෙන දෙයක්ය. අපි කඩේ යන්නේ නෑ කියමින් සුපර්මාකට් යති. අපි මුදල් දී මෘදුකාංග  ගන්නේ නෑ කියමින් Credit Card වලින් ගෙවා ඒවා මිලදී ගනී. ‍අපි එයා එක්ක තරහයි කියමින් Virtual Box  තුළ Linux දාගෙන පොරටෝක් දෙති. ඔයා ඒක දාන්න එපා මේක දාන්න යැයි කියති. අපි විවෘත කියමින් ක්ලෝස් කඩේ දොරට හොරෙන් තට්ටු කරති. මේ බුවා ලන්තයේ  සිටින මගේ මොලයත් දැන් දැන් අවුල් වෙමින් තිබෙනවා යැයි මට ‍සිතේ.


Ubuntu හී ඇති රසය ද නොඅඩුව විඳි මට එයද දැන් දැන් එපාවී ඇත. මෙනිසාම මගේ 64 බිට් ලැපට - Mac OS  දාගෙන එහි ඇති අපූරුව රසවිඳින්න මට සිතුණි. VMware Server හි Create Virtual Machine යන්න තෝරා   VMware  හී Virtual Machine එකක් සැකසීම ආරම්භ කළෙමි. පසුව .VMX ගොනුවෙහි කුඩා වෙනස්කම් කිහිපයක් කොට  Mac OS  ස්ථාපිත කළෙමි. දැන් එය අනංග රංගනයේ යෙදේ. පහත දැක්වෙන වීඩියෝව නරබන්න. මෙම ලිපියේ ගොඩක් තාක්ෂණික කොටස් මා විසින් ලිවීම නොකරන ලදි. යම් ලෙසකින් යම් ‍තොරතුරක් අවශ්‍ය වේ නම් එය ලබාදීමට සූදානම්ය.

 


0 අදහස් හා මතවාද:

Formula හා Function සමඟ නම් භාවිතය

අන් අය ඔබව හඳුනාගන්නේද ඔබ අන් අයව හඳුනාගන්නේද ඔහුට, ඇයට හා ඔබට හිමි නමින්ය. නමක් මිනිසෙකුට මෙන්ම නමක් එක්සෙල් හී භාවිත කළ හැකි අපූරු ආකාරයක් පිළිබඳව අද මාතෘකාව වෙන්වේ. එක්සෙල් මෘදුකාංගයේ ගණිතමය ක්‍රියාවලීන් කිරීම සඳහා සූත්‍ර (Formula) හා ශ්‍රිත (Function) භාවිත කරන්නෙමු. මෙම සූත්‍රයන් හා ශ්‍රිතයන් භාවිත කොට යම් ක්‍රිසි ක්‍රියාවලියක් සිදුකරගැනීමට අවශ්‍ය වේ නම් ශ්‍රිත හා සූත්‍ර සමඟ බොහෝවිට සෙල් ලිපිනයන් භාවිත කරන්නෙමු. බොහෝවිට මෙලෙසන් ශ්‍රිතයන් හා සූත්‍ර සමඟ සෙල් ලිපිනයන් භාවිත කිරීම පහසුවක් සේ ඔබ දුටුවද යම් ලෙසකින් එම භාවිත කළ සෙල් ලිපිනයේ සටහන් කළ අගය අතපසුවීමකින් වෙනස් වුවහොත් කුමන පිළිතුරක් ඔබ වෙත ලැබේද? ඔබ නොසිතූ වැරදි පිළිතුරක් අවසානයේ ඔබට ලැබෙනු ඇත. මෙනිසාම එක්සෙල් හී ඇති Name පහසුකම භාවිත කළ හැකිය.
Name පහසුකම භාවිත කොට නාමයක් ලබාදීමේ ප්‍රයෝජන කිහිපයක් ඇත.

යතුරු පුවරුව භාවිත කරන අවස්ථාවේදී අත්වැරදීමෙන් අගයන් වෙනස් වීම වැලැක්වීම හා අපට කැමති නාමයක් ලබාදීමෙන් යම් අගයක්, දත්තයක් හෝ පරාසයක් (range) පැහැදිළිව හදුන්වා දිය හැකි වීමත්, එම නාමය ඕනෑම අවශ්‍යතාවයක් වෙනුවෙන් භාවිත කළ හැකි වීමත්ය.

උදාහරණයක් ලෙස B2:B20 යන පරාසය තුළ අප විසින් ඇතුළත් කොට ඇත්තේ ජනවාරි මාසයේ සේවකයන්ගේ වැටුපනම් මෙම පරාසය හදුන්වා දීම වෙනුවෙන් JanSalary ලෙස නාමයක් භාවිත කළ හැකිය. එම පරාසය භාවිත කළ යුතු සෑම අවස්ථාවකදීම JanSalary යන්න භාවිත කළ හැකිය.

ශ්‍රිතයකදී හෝ සූත්‍රයකදී අපට මෙම පරාසය ආදේශකරගත යුතු ඕනෑම අවස්ථාවක JanSalary යන්න භාවිත කළ හැකිය. ඔබ විසින් මෙම නාමයක් භාවිත කිරීමේදී සමාන කිරීමේ ලකුනට පසුව එහි එක් අක්ෂරයක් හෝ කිහිපයක් සටහන් කළ පසුව නාමය පහත තිර සටහනේ පරිදි දක්වනු ඇත.

මෙම Name පහසුකම ඔබ විසින් භාවිත කිරීම වඩා සාර්ථක හා ක්ෂණිකව පිළිතුරු වෙත යාම සඳහා වඩා ප්‍රයෝජනවත් වේ . නමුත් මෙම Name පහසුකම භාවිත කොට යම් නාමයක් ලබාදීමට ප්‍රථමයෙන් නමක් ලබාදීමට අදාළ රීතීන් ඇති අතර ඒවාට ගැළපෙන ආකාරයෙන් නමක් ලබාදිය යුතුය.


• එම නාමය අක්ෂරයකින් හෝ underscore character (_),backslash (\), වලින් ආරම්භ විය යුතු අතර අනෙකුත් අක්ෂරාංග භාවිත කළ නොහැක.
• නාමය වෙනුවෙන් හිස් ඉඩ තැබීම කළ නොහැක.
• නාමයක් වෙනුවෙන් භාවිත කළ හැකි උපරිම අක්ෂරාංග ප්‍රමාණය 255 ක් වේ.

නාමයක් ලබාදීම සඳහා Formula ටැබයෙහි ඇති Name නිරූපකය භාවිත කළ හැකිය.

0 අදහස් හා මතවාද:

එක දෙක කරන්නේ කොහොමද

අප විසින් එක්සෙල් හී එක් column එකක ඇතුළත් කරනු ලැබූ දත්තයන් සමූහයක් පසු අවස්ථාවකදී වෙනස් කිරීමට අවශ්‍ය වනු ඇත. උදාහරණයක් ලෙස අප විසින් පුද්ගල නාමයන් ඇතුළත් කරනු ලැබූ පසුව ඔවුන්ගේ පෙළපත් නාමය වෙන්කොට ගැනීමට ඔබට අවශ්‍යය විය හැකිය. එවැනි විටක ඔබ විසින් කරනුයේ කුමක්ද. ඔබට Function එකක් භාවිත කොට cell එකෙහි වම් පසින් හෝ දකුනු පසින් කොටසක් ඉවත් කර ගත හැකිය. නමුත් ගැටළුව වනුයේ සෑම පුද්ගලයෙකුගේම පෙළපත් නාමයට යෙදෙන අක්ෂර සංක්‍යාව සමාන නොවීමයි. මෙනිසාම මේ සඳහා left හෝ right වැනි function එකක් ඒ සඳහා භාවිත කළ නොහැක.

එක් cell එකක තිබෙන දත්තයක් කොටස් කිහිපයකට වෙන් කර ගනුයේ කෙසේද? ඒ සඳහා එක්සෙල් හී ඇති Text to columns පහසුකම භාවිත කළ හැකිය. පහත දැක්වෙන උදාහරණය බලන්න.



එහි පුද්ගල නාමයන් දැක්වෙන A column එක කොටස් දෙකක් බවට පත්කොට ඇත. මෙලෙසින් එක් column එකක තිබෙන අගයක් column කිහිපයක් ලෙස වෙන් කොට ගැනීම සඳහා අදාළ column එකෙහි තිබෙන Tab,Semicolon,Comma හා Space එකක් සේම වෙනත් සුවිශේෂී අක්ෂරාංගයක් භාවිත කළ හැකිය. ඔබට වෙන් කරගැනීමට අවශ්‍ය කුමන ආකාරයෙන් කුමන අක්ෂරාංගයක් භාවිත කොටද යන්න ඔබ විසින් තීරණය කරන්න. එකක් දෙකක් බවට හෝ ඊට වැඩි column ගණනක් වෙත එක් දත්තයක් ගෙනයා හැකි මෙම පහසුකම අනවශ්‍ය පහසුකමක්ද?

0 අදහස් හා මතවාද:

විදවන ජීවිතය Kinect සමඟින් විදිමු

ඔබ පරිගණකය අසල හෝ ඔබේ රූපවාහිණී යන්ත්‍රය ඉදිරියට වී අත පය එහේ මෙහේ සොලවමින් උඩ පනිමින් සිටියොත් අන් අය කුමක් සිතාවිද? ඔබ උමතු පුද්ගලෙයකුයැයි අන් අය සිතනු ඇත. නමුත් එසේ සිතුවේ Kinect හී සැබෑ ක්‍රියාකාරීත්වය නොදත් පුද්ගලයන්ය. එසේම සාම්ප්‍රදායික යතුරු පුවරුව, මවුසය, Joy stick වැනි අන්තර් ක්‍රියාකාරීත්වය සඳහා යොදා ගන්නා පාලන උපකරණ වලින් තොරව පරිගණක සමඟ මිනිසුන් අන්තර් ක්‍රියා කරන වෙනස් ක්‍රමවේදයන් චිත්‍රපට වලින් පමණක් ඔබ දැක ඇතත් පසුගිය වසර කිහිපයක කාලයක සිට මෙම නව ක්‍රමවේදයන් සඳහා භාවිතා කරන උපකරණ වානිජ මට්මින් නිපදවමින් පවතී. මයික්‍රොසොෆ්ට් ආයතනය නිපදවූ නවතම Kinect උපකරණය භාවිතයෙන් ඔබේ හැඟීම් ඒ අකාරයටම ඔබේ ප්‍රියතම වීඩියෝ ක්‍රීඩාවට ලබා දිය හැක.

මෙම උපකරනය ඩොලර් 150ක් නොඑසේනම් ලංකාවේ මුදලින් රුපියල් 17,000කට පමණ මෙය ලබා ගත හැක. ඔබගේ ශරීරයේ චලනයන් නිවැරදිව හඳුනා ගන්නා අතරම එම චලනයන් වීඩියෝ ක්‍රීඩාවේ පාලනය සඳහා ඉතා හොඳින් යොදවා ගනී. එනම් ඔබට සෘජුවම පරිගණක ක්‍රීඩාව සමග අන්තර් ක්‍රියාවේ යෙදීමට හැකිය. මුලින්ම නුහුරු වුවද භාවිත කිරීම ආරම්භ කිරීමෙන් පසු සුළු මොහොතකින් එහි ඇති ආශ්වාදය ඔබව එයට ඇද බැඳ තබා ගැනීමට සමත් බව කිව යුතුය. පුළුල් තිරයක් ඉදිරියට වී උඩ පනිමින් අත පය එහේ මෙහේ සොලවමින් එයට කතා කරමින් වීඩියෝ ක්‍රීඩාවේම කොටසක් බවට ඔබ පත් වීම ඔබ අමන්දානන්දයට පත් කරනු නොඅනුමානය.

මයික්‍රොසොෆ්ට් සමාගමේ විශිෂ්ඨ නිපැයුමක් වන මෙම උපකරය ප්‍රථම වරට වෙළඳපොලට නිකුත් කල පසුගිය නොවැම්බර් මාසයේ සිට මේ වන විට එහි ඒකක මිලියන 10 අලෙවි වී තිබේ.

මෙම උපකරණයේ යාන්ත්‍රණය පිළිබඳ තොරතුරු පත්‍රිකාවක්ද මයික්‍රොසොෆ්ට් සමාගමේ පර්යේෂණ සහ සංවර්ධන අංශය සහ Xbox කණ්ඩායම විසින් නිකුත් කර ඇත. එයට අනුව අප ශරීරයේ කොටස් හා චලනයන් හඳුනා ගැනීමට අධෝරක්ත සංවේදක යොදා ගනී. එම ඇල්ගොරිතමය රූපයක ඇති එක පික්සලයකට අප ශරීරයේ එක් අංගයක් වෙන් කිරීමෙන් ඒවා තිබෙන් තැන් වෙන් වෙන්ව හඳුනා ගනී. ශරීරයේ ඉහළ කොටස හා පහළ කොටස වෙන වෙනම හඳුනා ගැනීමට අති විශාල වූ දත්ත ගබඩාවකට ඇතුළත් කර ඇති අතර ශරීර වලනයන්ගේ රූප රාමු 500,000 පමණ භාවිතා කරයි. මෙම දත්ත දිවීම, නැටීම, පයින් ගැසීම වැනි චලන වර්ගීකරණය මගින් 100,000 දක්වා අවම කර ඇති අතර Xbox මගින් මෙම ඇල්ගොරිතමය තත්පරයට වාර 200 පමණ භාවිතා කරයි. මෙය පෙර පැවති ශරීර හඳුනා ගන්නා ක්‍රම වලට වඩා දළ වශයෙන් 10 ගුණයකින් පමණ වේගවත් අතර මේ නිසා වීඩියෝ ක්‍රීඩා කරන්නන්ගේ චලනයන් ඉතා ඉක්මනින් ක්‍රීඩාව සමඟ සම්බන්ධ කිරීමට හැකියාව ලැබී තිබේ.

Kinect යනු Xbox 360 සමඟ ඉතාම ලෙහෙසියෙන් භාවිතා කිරීමට හැකි සංකීර්ණත්වයෙන් තොර සරල උපකරණයකි. භාවිතා කිරීමේදී පිළිපැදිය යුතු කාරණා වශයෙන් මෙය ස්ථාන ගත කිරීමේදී සංවේදකය රූපවාහිණිය ආසන්නයේ මධ්‍යයට වන්නටත්, සංවේදකයට හා භාවිතා කරන්නා වෙත කෙලින්ම හිරු එළිය පතිත නොවීමට වග බලා ගැනීමත්, ඔබ හා සංවේදකය අතර කිසිවකට ඉඩ ඇහිරීමට නොදීමටත්, ශබ්ද හා කම්පනයන් පිට කරන උපකරණයන්ගෙන් ඈත්ව තැබීමත් වැදගත් වේ. දෙදෙනෙක් එක්ව ක්‍රීඩා කරන්නේ නම් අඩි 8කවත් පරතරයක් තබා ගත යුතුවේ. වීඩියෝ ක්‍රීඩා භාවිතා කරන්නන් ලඟ තිබිය යුතු අති විශිෂ්ඨ වින්දනයක් ලබා දෙන උපකරණයක් ලෙස මෙය හැඳින්විය හැක. Kinect උපකරනය Xbox නම් වන විඩියෝ ක්‍රීඩා උපකරනයට සම්බන්ධ කරගත හැකි අතිරේක මෙවලමක් ලෙස ලෝකයට ඉදිරිපත් වුවද ඒය අපගේ සාමාන්‍ය භාවිතය සදහා භාවිත කළ හැකිය.

අද පාඩම ඔබගේ පුද්ලික පරිගණකයට Kinect සම්බන්ධ කරගනුයේ කෙසේද යන්න ගැනය.

Kinect උපකරනය Xbox සමඟ ක්‍රියාත්මක කිරීමට නිපදවා තිබුනද එය ඔබගේ පුද්ගල පරිගණකයෙහි මූසිකය ලෙස හා ඔබෙගේ ශරීරයේ චලනයන් භාවිතයෙන් මෘදුකාංග හැසිරවීම සඳහා භාවිත කළ හැකිය. මෙය සම්පූර්ණ මයිකෝසොෆ්ට් නිමැවුමක් වුවද වින්ඩෝස්, මැක් හෝ ලිනක්ස් වැනි ඕනෑම මෙහෙයුම් පද්ධතියක් සමඟ මෙය භාවිත කළ හැකිය. මෙම උපකරනය ඔබගේ පරිගණකයට සම්බන්ධ කර ගැනීමට නම් අතිරේක කේබලයක් ඔබ විසින් මිළදී ගත යුතුය. ඒ පිළිබඳව විස්තර මෙහි ඇතුළත්ය.

කේබලය ලබාගැනීමට


මින් පසුව ඔබ විසින් Kinect for Windows SDK beta බාගත කර ගැනීමෙන් පසුව එය පරිගණකයට ස්ථාපනය කරගත යුතුවේ.

SDK ලබාගැනීමට


දැන් තිබෙනුයේ ඔබගේ කාර්යයි ඉහත පියවරයන් දෙක අවසානම් ඔබගේ කාර්යය වනුයේ ඔබව ඔබගේ චලනයන් හදුන්වා දී ඒ අනුව ක්‍රියාත්මක වන වැඩසටහනක් සැකසීමය. ඒ සඳහා ඔබට Visual Studio 2010 පහසුවෙන් භාවිත කළ හැකිය. බොහෝ නිර්මාන කරුවන් විසින් සැකසූ මෘදුකාංග තේත නොමිලයේ අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැකි අතරම ඔබ විසින් ඔබගේ හැගීම් පරිගණකට මුසුකිරීමේ කාර්යය මීලඟට ඔබ වෙත පැවරී ඇත. ඔබගේ හැගීම් ඔබගේ පරිගණකය හා මුසු කිරීමේ කාර්යය ඔබට කළ හැකිය. Kinect සමගින් ක්‍රීඩා කිරීම වෙනුවට අපගේ චලනයන් භාවිත කොට අපූරු නිමැවුම් කිරීමේ හැකියාව ඔබට ඇත.

ඉතින් කිනෙක්ට් සමඟින් ජීවිතය විදීමටත් එය භාවිත කොට වැඩසටහනක් සැකසීමටත් මා ඔබට ඇරයුම් කරමි. ඔබට යම් ගැටළුවක් වෙතොත් මා උදවු වීමට කැමැත්තෙන් පසුවෙමි.

0 අදහස් හා මතවාද:

එක්සෙල් මෘදුකාංගයේ මැක්රෝ පහසුකම හඳුනාගැනීම

එක්සෙල් හී නැවත නැවත කළ යුතු කාර්යයන් සිදුකරගැනීමේ කාර්යය සඳහා මැක්රෝ පසහුකම ඔබට භාවිත කළ හැකිය. මෙහිදී ඔබට අවශ්‍ය ක්‍රියාවලිය සිදුකරන අවස්ථාවේ එම ක්‍රියාවලිය පිළිවෙලින් ගබඩා කොට ගත හැකි අතරම, විෂුවල් බේසික් එඩිටරය භාවිත කොට අලුතින් මැක්රෝ එකක් සැකසීම හෝ ගබඩා කොටගත් මැක්රෝ එකෙහි වෙනස් කම් සිදුකළ හැකිය. අප විසින් සකසා ගනු ලබන මැක්රෝ එක අපගේ භාවිතයේ පහසුව සදහා Tool bar button එකක් ලෙස සම්බන්ධ කොට තැබිය හැකිය.

පටුන
• මැක්රෝ එකක් සැකසීම ආරම්භ කිරීම හා ගබඩා කිරීම
• සැකසූ මැක්රෝ එකක් ක්‍රියාත්මක කිරීම
• මැක්රෝ එකක් object එකක් සමඟ සම්බන්ධ කිරීම
මැක්රෝ එකක් සැකසීම ආරම්භ කිරීම හා ගබඩා කිරීම

මැක්රෝ එකක් ගබඩා කිරීම සඳහා එක්සෙල් හී පහසුකම් ඇති නමුත් රිබනයේ ඒ සඳහා වන විධාන සාමාන්‍යයෙන් නොදැක්වේ. එක්සෙලි හී Developer ටැබය රිබයෙහි නොදැක්වේනම් මැක්රෝ එකක් සැකසීම සඳහා වන පහසුකම් අපට ලබාගත නොහැකි වේ. යම් ලෙසකින් Developer ටැබය එක්සෙල් රිබනයේ නොදැක්වේ නම් පහත පියවරයන් භාවිතයෙන් මෙම Developer ටැබට රිබනය වෙත ලබාගන්න.

• File ටැබය ක්ලික් කරන්න.
• ඉන් Options යන්නත් Customize Ribbon යන විධානයත් ඉන් තෝරාගන්න.
• Customize Ribbon යටතේ දැක්වෙන Main Tabs යටතේ හමුවන Developer යන්න ක්ලික් කිරීමෙන් තෝරාගන්න. පසුව මෙම කවුළුවෙහි දැක්වෙන OK විධානය ක්ලික් කිරීමෙන් ඉන් ඉවත් වන්න.
මෙහිදී Developer ටැබයෙහි code යටතේ මැක්රෝ එකක් සැකසීම සඳහා අවශ්‍ය පහසුකම් දැකගත හැකිවේ.

මැක්රෝ එක සැකසීම ආරම්භ කිරීම

1. Record Macro යන නිරූපකය ක්ලික් කිරීම මගින් මැක්රෝ එකක් සැකසීම ආරම්භ කළ හැකිය. මෙහිදී ඔබ වෙත Record Macro නමින් යුත් සංවාද කවුළුවක් ලැබෙනු ඇත.
2. මෙහිදී ඔබ විසින් මැක්රෝ එක හඳුනාගැනීම වෙනුවෙන් නමක් සටහන් කිරීම කළ යුතුවේ ඒ සඳහා Macro Name යටතේ සුදුසු නාමයක් ලබාදිය යුතුය
නාමයක් සටහන් කිරීමේදී ඒ සඳහා වන රීතීන් ඇති අතර නාමයක් ආරම්භ විය යුත්තේ අක්ෂරයකිනි, එසේම නාමයෙන් පසුව පසුව අක්ෂර, ඉලක්කම් හෝ underscore එක භාවිත කළ හැකිය. කිසිදු විටක හිස් ඉඩක් (Space) ඇතුළත් කිරීම කළ නොහැකි අතරම යම් ලෙස කින් ඉඩක් තැබීම වෙනුවෙන් underscore එක භාවිත කිරීම ගැටලුවක් නොවේ.

මෙම මැක්රෝ එක ක්ෂණිකව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් යතුරු පුවරුවේ Ctrl යතුර සමඟ භාවිත කිරීම සඳහා එක් අක්ෂරයක් හදුන්වා දිය හැකි අතර මේ සඳහා Simple හෝ Capital අක්ෂරයක් හදුන්වා දී ඇත. ඉහත උදාහරනයෙහි f අක්ෂරය හදුන්වා දී ඇති අතර Ctrl යතුර සමඟ f යතුර press කළ පසුව ඔබ විසින් සැකසූ මෙම මැක්රෝ එක ක්‍රියාත්මක වනු ඇත.

එක්සෙල් මෘදුකාංගය භාවිත කරනු ලබන සෑම විටකම අප විසින් සැකසන මැක්රෝ එක ක්‍රියාත්මක විය යුතු යැයි ඔබ විසින් තීරණය කරයි නම් මෙහි Personal Macro Workbook යන්න තෝරාගත යුතුය.

මෙහිදී මෙම මැක්රෝ එකෙහි භාවිතයමෙහි Description යටතේ සටහන් කිරීම පසු අවස්ථාවක මෙම මැක්රෝ එකෙහි කාර්යය හදුනාගැනීමට ප්‍රයෝජනවත් වනු ඇත.‍

• මෙම සංවාද කවුලුවෙහි Ok බොත්තම ක්ලික් කිරීමෙන් මැක්රෝ එක ගබඩා කිරීම ආරම්භ කළ හැකිය.
• ඔබ විසින් එක්සෙල් මෘදුකාංගයෙහි කරනු ලබන සෑම ක්‍රියාවලියක්ම ඔබ විසින් ලබාදුන් මැක්රෝ නාමය යටතේ ගබඩා වන අතර මෙම ක්‍රියාවලියෙන් අනතරුව Stop Recording යන නිරූපකය ක්ලික් කිරීමෙන් මැක්රෝ එක අවසන් කළ හැකිය.
සැකසූ මැක්රෝ එකක් ක්‍රියාත්මක කිරීම

සැකසූ මැක්රෝ එකක් ආකාර දෙකින් ක්‍රියාත්මක කළ හැකිය

• ඔබ විසින් මැක්රෝ එක ක්‍රියාත්මක වීම සඳහා ලබාදී ඇති ක්ෂනික යතුරු භාවිත කිරීම මින් පළමු ආකාරය වේ මෙහිදී Ctrl යතුර සමඟ ඔබ විසින් ලබාදුන් අක්ෂරය press කිරීම කළ හැකිය.
• දෙවන ආකාරය වනුයේ Macro නමින් යුත් නිරූපකය ක්ලික් කිරීමෙන් ලැබෙන කවුලුවෙන් ක්‍රියාත්මක කිරීමට අවශය මැක්රෝ නාමය තෝරාගැනීමෙන් අනතුරුව මෙහි ඇති Run button එක ක්ලික් කිරීම මගින් එය ක්‍රියාත්මක කිරීමය.

0 අදහස් හා මතවාද:

ඔයාට ඕන ඕන විදිහට මගේ worksheet එකේ දත්ත ඇතුළත් කරන්න බෑ

කාර්යාලයෙහි  worksheet එකක් කිහිප දෙනෙකු වෙත ලබාදී  දත්ත ඇතුළත් කරවා ගන්නට  ඔබ උත්සාහ කර ඇත්නම් එහිදි ඔබ පත්වූ අපහසුතාවට පිළිබඳව මා අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය නැත. එක් එක් අප කැමති කැමති ආකාරයෙන් දත්ත ඇතුළත් කිරීමත්, වැරදි දත්ත ඇතුළත් වීමත් බොහෝවිට සිදුවෙන පොදු කාරනාවක් වේ. මෙවැනි ගැටලු මඟහරවා ගැනීමට තිබෙන  හොදම අදේශනය වනුයේ  එක්සෙල් හී තිබෙන  Data Validation පහසුකමයි. මෙම පහසුකම වඩා නම්‍යශීළී වන අතරම මෙම පහසුකම භාවිතයෙන් පහත දැක්වෙන පහසුකම් ආදේශ කරගත හැකිවේ

අප එකින් එක පහසුකම් විමසා බලමු.

මෙම පහසුකම මගින් cell එකක ඇතුළත් කළ හැකි දත්තයන් සමූහයක් ලැයිස්තුවක් ලෙස හඳුන්වා දීමක් කළ හැකිය. පහත දැක්වෙන worksheet එක හදුනාගන්න.


මෙහි
Expense Description ලෙස දැක්වෙන  column එකෙහි ඇතුළත් කරනුයේ  Hotel /Telephone/
Meals

යන තොරතුරු පමනක්ම නම් ඒ සඳහා Data Validation යටතේ ඇති පහසුකමක් වන list යන්න භාවිත කළ හැකිය. එම ක්‍රියාවලිය සිදුකරනු ලබන ආකාරය විමසා බලමු මෙහිදී පළමුවෙන්ම මෙම worksheet එකෙහි Expense Description යන column එක සම්පූර්ණයෙන් තෝරාගැනීමෙන් අනතුරුව  Data tab එකෙහි දැක්වෙන Data Validation යන්න තෝරාගන්න.


 

පසුව  Validation Criteria යන්නට පහතින් දැක්වෙන Allow යන්නෙහි දැක්වෙන Any Value වෙනුවට ඉන් list යන්න තෝරාගන්න. මෙහිදී ඔබට list එකක් ලෙස දැක්විය යුතු දත්තයන් හඳුන්වා දීමක් කළ යුතු අතර මේ සඳහා ඔබ Source යටතේ දකුණු පසින් දැක්වෙන කුඩා නිරූපකය ක්ලික් කිරීමෙන් පසුව එම ලැයිස්තුවෙහි දැක්විය යුතු දත්තයන් පිහිටා ඇති ස්ථානය හඳුන්වා දිය හැකිය. ඔබ විසින් සාමාන්‍යයෙන් කළ යුතු වනුයේ මෙවැනි ලැයිස්තුවක් ලෙස පෙන්විය යුතු දත්තයන් සියල්ල වෙනත් ස්ථානයක උදාහරණයක් ලෙස වෙනත් Worksheet එකක ඇතුළත් කොට එය මේ අවස්ථාවේදී හඳුන්වා දීමය.  මෙම හදුන්වා දීමෙන් පසුව මෙම validation කවුළුවෙහි දැක්වෙන ok බොත්තම ක්ලික් කරන්න.


පසුව ඔබ විසින් Expense Description යන column එකෙහි ඕනෑම cell එකක් වෙත cursor එන ගෙන ගිය පසුව අප විසින් හදුන්වා දුන් ලැයිස්තුව තෝරාගැනීමට අපට හැකිවනු ඇත.

මෙම ක්‍රියාවලිය මගින් බොහෝවිට වැරදි දත්ත ඇතුළත් කිරීම අවම කළ හැකිය. 

  • සෙල් එක තුළ ඇතුළත් කළ යුත්තේ කුමන ආකාරයේ දත්තයක් ද යන්න පනිවිඩයක් ආකාරයෙන් දර්ශනය කිරීම

මෙය බොහෝ විට වැදගත් වනුයේ කුමන ස්ථානයක කුමන ආකාරයේ දත්තයන් ඇතුළත් විය යුතුද යන්න දත්ත ඇතුළත් කරනු ලබන පුද්ගලයා හට ඉගි කිරීම සඳහාය. ‍මෙම පහසුකම ආදේශ කරනු ලබන ආකාරය පිළිබඳව විමසා බලමු. ඔබ විසින් පළමුව වෙනැනි පනිවිඩයක්,ඉඟියක් දැක්විය යුත්තේ කුමන Row එකකට කුමන Column එකකට යන්න හදුනාගන්න ඒ අනුව ඔබ විසි Row හෝ Column එක තෝරාගැනීමක් කිරීමෙන් පසුව Data ටැබයේ දැක්වෙන Data Validation නිරූපකය තෝරාගන්න.  ඔබ වෙත ලැබුනු  Data validation කවුළුවෙහි Input Message ටැබය තෝරාගැනීමෙන් පසුව දත්ත ඇතුළත් කරනු ලබන පුද්ගලයාට දිස්විය යුතු පනිවිඩය  සටහන් කරන්න.


මෙලෙසින් පනිවිඩය සටහන් කිරීමෙන් පසුව මෙහි ok යන්න තෝරාගන්න.
පසුව ඔබ විසින් දත්ත ඇතුළත් කිරීම සඳහා අදාල cell එකක් වෙත පිවිසුනු පසුව පහත දැක්වෙන ආකාරයෙන් සටහන් කළ පනිවිඩය දැක්වෙනු ඇත.



  • වැරදි දත්ත ඇතුළත් කිරීමට ඉඩ ලබානොදීම

මෙම ක්‍රියාවලියේදී අප වෙත දත්ත ඇතුළත් කිරීමට උත්සාහ කිරීමේදී මෙලෙසින් පනිවිඩයක් දර්ශනය වූවද කැමති ආකාරකින් දත්ත ඇතුළත් කළ හැකිය (කොන්දේසියට එකඟ නොවන දත්ත පවා ඇතුළත් කළ හැකිය). මෙලෙසින් ඇතුළත් විය යුතු දත්තයෙන් පිට වෙනත් කිසිවක් ඇතුළත් කිරීමෙන් වැළැක්වීම සඳහා Data Validation කවුළුවෙහි Settings ටැබයෙහි දැක්වෙන Validation Criteria යන්නට පහතින් දැක්වෙන Allow යන්නෙහි දැක්වෙන Any Value වෙනුවට Whole numer යන්න තෝරා ගන්න.

මෙහිදී Data යටතේ between,not between, ආදී ලෙස කොන්දේසි ආදේශ කිරීමක් කළ හැකි අතර ඔබට කැමති කොන්දේසිය මෙහි ඇතුළත් කළ හැකිය. අපට 10 සිට 500 දක්වා පමණක් වන අගයන් පමණක් ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය බැවින් මින් between යන්නත් පසුව Minimun යටතේ 10 ය යන අගයත් Maximum යටතේ 500 යන අගයත් සටහන් කළ හැකිය. මෙම ක්‍රියාවලියෙන් පසුව දත්ත ඇතුළත් කිරීමේදී 10ට අඩු අගයක් ඇතුළත් කිරීමේදී හා 500 යට අඩු අගයක් සටහන් කිරීමේදී වැරදි ඇතුළත් කිරිමක් සිදු කළ ඇතිබව පහත රූපයේ දැක්වෙන ආකාරයෙන් දැනුම් දෙනු ඇත.


නමුත් මෙම වරද සිදුවී ඇත්තේ කුමන වරදක් හේතුවෙන්දැයි නොදැක්වේ.

  • වැරදි දත්තයක් ඇතුළත් කළ අවස්තාවකදී එම වැරද්ද කුමක්ද යන්න හදුන්වා දීම

ඉහත රූපයේ දැක්වෙන ආකාරයෙන් වරදක් සිදු කොට ඇති බව දැනුම් දුන්නද එම වරද කුමක්ද යන්න විස්තර කොට දීම සඳහා Data validation කවුළුවෙහි Error Alert  ටැබයෙහි තෝරාගැනීමෙන් පහත රූපයේ දැක්වෙන පරිදි දත්ත පනිවිඩය සටහන් කළ හැකිය. මෙම ක්‍රියාවලියෙන් පසුව අප විසින් වැරදි දත්තයක් ඇතුළත් කළ හොත් පහත රූපයේ දකුනු පස දැක්වෙන රූපයේ ආකාරයෙන් එම පනිවිඩය දැක්වෙනු ඇත.



0 අදහස් හා මතවාද:

Excel හී Visual Basic වැඩසටහනක් ලියන්නේ මෙහෙමයි

අපි හැමෝම ආසයි අපේම පරිගණක වැඩසටහනක් පරිගණකයේ ක්‍රියාත්මක වනවා දැකීමට, හැබැයි ගොඩක් වෙලාවට ඒ සඳහා දැනුම ගොඩක් තිබෙන්න උවමනා කරනවා. නමුත් මෙම පාඩම කුඩා Visual Basic Form එකක් Excel තුළ සකසා ගන්නා ආකාරය පිළිබඳවයි. ඒ සඳහා ඔබගේ පරිගණයේ තිබිය යුතු වන්නේ Excel මෘදුකාංගය පමනයි.


මම සැකසීමට අදහස් කරනු ලබන වැඩසටහන පිළිබඳව හදුන්වා දෙන්නම්. මෙම කුඩා Form එක පළමුව හදුනාගන්න. මෙහි පුද්ගල නාමයක් හා ජාතික හැදුනුම් පත් අංකය ඇතුළත් කිරීමට කොටසක් දැක ගන්න පුළුවන්. මම මෙම කුඩා form එකෙහි ඇතුළත් කරනු ලබන දත්ත ගබඩා කිරීමට අපේක්ෂා කරනුයේ එයත් සමඟ දැක්වෙන Excel worksheet එකෙහිය. මෙහි Column පහක් දැකගත හැකිය. නමුත් අප විසින් Form එකෙහි ඇතුළත් කිරීමට අපේක්ෂා කරනුයේ දත්ත දෙකක් පමණි. මෙහිදී අපගේ හැදුනුම් පත් අංකය පදනම් කොට ගනිමින් ස්ත්‍රී පුරුෂ භාවය,උපන් වර්ෂය,උපන් මාසය හා දිනය ගණනය කොට මෙහි දැක්වෙන Add Button එක ක්ලික් කළ පසුව WorkSheet එකෙහි ඇතුලත් කරගනිමු.

ඔබ දන්නා පරිදි ජාතික හැදුනුම් පත් අංකයේ මුල් ඉලක්කම් දෙකට පසුව දැක්වෙන ඉලක්කම් තුන අංක 500 යට වඩා වැඩි නම් එය ස්ත්‍රියකගේ හැදුනුම් පතක් ලෙසත් එසේ නොමැති උවහොත් එය පිරිමි අයෙකුගේ අංකයක් ලෙසත් හදුනාගත හැකිය. පලමු ඉලක්කම් දෙකට පසුව යෙදෙන ඉලක්කම් තුනන් ස්ත්‍රීයකගේ හැදුනුම් පත් අංකයෙන් 500 ක අගයක් අඩු කිරීමෙන් හා පිරිමි අයෙකුගේ අංකය එලෙසින්ම ලබාගත් පසුව උපන් දිනය දක්වා ඇති ඉලක්කම් සංක්‍යාව නිරූපනය කරයි. උදාහරණයක් ලෙස 1980 ජනවාරි 1 උපන් ස්ත්‍රියකයේ හැදුනුම් පත් අංකය 80501XXXXXV ලෙසත් එදිනම උපන් පිරිමි අයෙකුගේ අංකය 80001XXXXV ලෙසත් දැකගත හැකිය. මෙනිසාම අපට පහසුවෙන් හැදුනුම් පත් අංකයේ මුල් ඉලක්කම් දෙකට 1900 ක් එකතු කල විට උපන් දිනයත්, ඉන්පසුව ඇති ඉලක්කම් 3නෙහි අගය 500 යට වඩා විශාලනම් ස්ත්‍රියක් ලෙසත්, මෙම ඉලක්කම් තුන මගින් උපන් දිනයත් සොයාගත හැකිය.

පලමුව ඔබ විසින් මෙම worksheet එක සකසා ගන්න. මෙහි Birth Date යන column එක තෝරාගැනීමෙන් පසුව format Cell යන්න තෝරා ඉන් Date යන්න හා 14-May යන දින දැක්වෙන ආකාරය හදුන්වා දෙන්න.

මීළඟ කාර්යය වනුයේ වැඩසටහන සැකසීමේ ක්‍රියාවලියයි.

• ඔබ විසින් Alt යතුර සමඟ F11 යතුර එක වැර Press කරන්න. එවිට පහත රූපයේ දැක්වෙන Visual Basic Editor කවුලුව දැකගත හැකිවනු ඇත.

• මීළඟ කාර්යය වනුයේ UserForm එකක් ලබාගැනීමයි. ඒ සඳහා රූපයේ දැක්වෙන නිරූපකය ක්ලික් කරන්න.
• පසුව ඔබ වෙත ලැබුනු Form එකෙහි textbox දෙකක් හා Command Button දෙකක් ඇතුළත් කරගන්න. මෙහිදි text box දෙකෙහි නාමයන් ලෙස TxtName හා TxtID ලෙසත් CmdAdd හා CmdExit ලෙස Command Button දෙක නම් කරන්න. මේ සඳහා අදාල Control එක තේරීමෙන් පසුව වම් පස දැක්වෙන Property කවුලුවෙහි Name යන කොටස භාවිත කරන්න.
• මෙහි එක් command button එකක් ක්ලික් කිරීමෙන් Command කවුළුව වෙත ප්‍රවිශ්ඨ විය හැකි අතර පහත දැක්වෙන කේත එම කවුලුවට Copy කොට Paste කරගන්න.


Private Sub cmdAdd_Click()
Dim iRow As Long
Dim ws As Worksheet
Set ws = Worksheets("Sheet1")
'find first empty row in database
iRow = ws.Cells.Find(What:="*", SearchOrder:=xlRows, _ SearchDirection:=xlPrevious, LookIn:=xlValues).Row + 1
'check for emp Name
If Trim(Me.txtname.Value) = "" Then
Me.txtname.SetFocus
MsgBox "Please enter EMP Name"
Exit Sub
End If
'copy the data to the database
ws.Cells(iRow, 1).Value = Me.txtname.Value
ws.Cells(iRow, 2).Value = Me.txtid.Value
ws.Cells(iRow, 3).Value = IIf(Val(Mid(Me.txtid.Value, 3, 3)) > 500, "Female", "Male")
ws.Cells(iRow, 4).Value = Left(Me.txtid.Value, 2) + 1900
ws.Cells(iRow, 5).Value = IIf(Val(Mid(Me.txtid.Value, 3, 3)) > 500, Val(Mid(Me.txtid.Value, 3, 3)) - 500, Val(Mid(Me.txtid.Value, 3, 3)))
'clear the data
Me.txtname.Value = ""
Me.txtid.Value = ""
Me.txtname.SetFocus
End Sub

Private Sub cmdExit_Click()
x = MsgBox("Are you sure you want to exit", vbYesNo, "Sure")
If x = vbYes Then
Unload Me
End If
End Sub

අවසානයේ ඔබ විසින් මෙම කවුලුවේ ඉහලින් දැක්වෙන run නිරූපකය ක්ලික් කරන්න එවිට අප විසින් සැකසූ වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත. ඉතින් ඔබට හිතෙන ඕනෑම වැඩසටහන් මෙලෙසින් excel හී සකසාගන්න පුලුවන්. සතුටුද අද අලුත් දෙයක් ඉගෙන ගත්තා.

0 අදහස් හා මතවාද:

එක්සෙල් තුළට ඇක්සස් වීම

එක්සෙල් යනු දත්ත ගොනු හැසිරවීම සඳහා සහයෝගය ලබාදෙනු ලැබූ මෘදුකාංගයක් නොවුනි. මෙනිසාම අපට බොහෝවිට එකම දත්තය අනවශ්‍ය ලෙස ඇතුලත් කිරීමට සිදුවිය. සැබැවින්ම එක්සෙල් යනු දත්ත ගොනුවෙත් හැසිරවීම සඳහා සහයෝගය ලබාදෙනු ලබන මෘදුකාංගක් නොවීමත් දත්ත ගොනු හැසිරවීම සඳහා භාවිත කරන මෘදුකාංග වල තිබිය යුතු නමුත් නොතිබෙන පහසුකම් එක්සෙල් වල තිබීමත් අපව ඇතැම් අවස්ථාවන්හීදි කරදරයේ දැමීමටත් හේතු විය. උදාහරණයක් ලෙස ගත හොත් worksheet දෙකක් තුළ තිබෙන සම්බන්ධතාවයන්ගෙන් යුතු දත්තයන් (Relational Database) පදනම් කොට pivot table එකක් සකසාගැනීමට අවශ්‍ය වුනි නම් ඒ සඳහා එක්සෙල් වල දත්ත ඇක්සස් වෙත ගෙන ගොස් ඒ අතර සම්බන්ධතාවයක් ගොඩ නගා පසුව නැවත එක්සෙල් වෙත ගෙන ඒමට සිදුවිය.

නමුත් ඔෆිස් 2013 හී එක්සෙල් ඇක්සස් මෘදුකාංගයේ තිබුනු බොහෝ පහසුකම් මේ වන විට එක්සෙල් මෘදුකාංගය වෙත ලබාදී ඇත. worksheet එකක් Table එකක් බවට පත් කරගැනීමටත් මෙම table අතර සම්බන්ධතාවයන් ගොඩනගා ගැනීමට හැකිවීමත් නිසා එක්සෙල් Spreadsheet එකක් ලෙස සිතා කටයුතු කිරීම පසෙකලා දත්තගොනුවක් යැයි සිතා කටයුතු කිරීම හා සිතීමට පෙළබීම වඩා හොඳයැයි මා සිතමි. මෙහිදී දත්තගොනුවක් සැකසීමේදී අනුගමනය කළ යුතු රීතීන් හා සම්මත ක්‍රමවේදයන් එක්සෙල් මෘදුකාංගය තුළද භාවිත කළ යුතු යැයි මා සිතමි. එසේ කිරීම තුලින් දත්ත ගොනුවක් පාදක කොට අප විසින් විසදනු ලබන ගැටලු එක්සෙල් මෘදුකාංගය මගින් විසදාගත හැකි බව මම විශ්වාස කරමි.

කුඩා උදාහරණයක් ගෙන බලමු.

Table දෙකක් යම්කිසි සමාන field එකක් භාවිත කොට ඒ අතර සම්බන්ධතාවයක් සකසා ගැනීම සඳහා Data ටැබයේ ඇති Relationship යන පහසුකම භාවිත කළ හැකිය. මෙම සම්බන්ධතාවය හදුන්වා දීමෙන් අනතුරුව Pivot Table එකක් සැකසීමේදී මෙම සම්බන්ධතාවයන්ගෙන් යුතු Table වල තිබෙන දත්ත භාවිත කළ හැකිය.





මින් මතුවට එක්සෙල් Spreadsheet එකක් පමනක් නොව Database එකක් ලෙස හැදින්වීම වරදක් නොවේයැයි මා සිතමි. ඒත් කෝ SQL?

0 අදහස් හා මතවාද:

ජාලගත වින්ඩෝස් හා උබුන්ටු පරිගණක Remote ආකාරයෙන් සම්බන්ධ වීම

තාක්ෂණය වෙනස් වන වේගයෙන් අප වෙනස් විය යුතුයි කියා මම පිලිගනිමි. එබැවින්ම වින්ඩෝස් නැවුම් සංස්කරණය වන Windows 8 නිකුත්වී පැය 2 ක් ගත වීමට මත්තෙන් මගේ පරිගණකයේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය කරගත්තේ Windows 8 ය, වින්ඩෝස් නැවුම් වන විටම වාගේ උබුන්ටු ලිනක්ස් අලුත් වෙලුම වන 12.04 නිකුත් වූ සැනින් මගේ පරිගණකයෙහි එය ස්ථාපිත කරගැනීමට සිත්විය. ප්‍රශ්නයකට තිබුනේ මා ලඟ ඒ සඳහා වෙනත් පරිගණකයක් නොමැති වීමය. වෙනම පරිගණකයක් නොමැති වුවත් වින්ඩෝස් හී Hyper-V මත Virtual පරිගණකයක් සාදා ඒ තුළ උබුන්ටු ස්ථාපිත කරන ලදි. දෙකම නැවුම් අත්දැකීම්ය, වින්ඩෝස් හී මෙට්රෝ ආකාරයත්, උබුන්ටු හී යුනිටි ඩෙස්ටොප් එකෙහි අත්දැකීමත් මා වින්දෙමි. පහළ රූපය මා එම අත්දැකීම විදින ආකාරයයි.



ඊළඟ අවශ්‍යථාවය වූයේ මෙම උබුන්ටු දැමූ පරිගණකය සමඟ Remote Desktop Connection ආකාරයෙන් සම්භන්ධ වීමය. වින්ඩෝස් පරිගණක දෙකක් Remote Desktop Connection එකක් භාවිතයෙන් සම්බන්ධවීම ඉතා පහසු කටයුත්තක් වුවත් වින්ඩෝස් පරිගණකයක සිට Remote Desktop Connection එකක් මගින් උබුන්ටු පරිගණකයක් සමඟ සම්භන්ධ වනුයේ කෙසේද.

අද පාඩම ඒ පිළිබඳවය

ඔබ උබුන්ටු වෙත ගොස් එහි Dash අයිකනය ක්ලික් කිරීමෙන් පසුව Terminal යන්න සටහන් කිරීමෙන් පසුව ලැබෙන Terminal කවුළුව වෙත ප්‍රවිශ්ඨ වන්න එහි

sudo apt-get install xrdp

දැන් ඔබගේ පරිගණකය Remote සම්භන්ධ වීමට අවශ්‍ය මූලික පහසුකම් උබුන්ටු වෙත ආරෝපනය කොට අවසන්ය.

ඔබ දන්නා පරිදි Remote Desktop Connection එකක් සකසා ගැනීම සඳහා ඔබට අදාල පරිගණකයේ IP ලිපිනය හෝ පරිගණකයේ නාමය දැනගත යුතුය. IP ලිපිනය දැනගැනීම සඳහා ip a ලෙස terminal එකෙහි සටහන් කරන්න. දැන් උබුන්ටු පරිගණකයේ IP ලිපිනය දැක්වෙනු ඇත.



ඔබ විසින් වින්ඩෝස් හී Run විධානය ක්‍රියාත්මක කොට mstsc ලෙස සටහන් කොට enter යතුර press කරන්න, එසේ නොමැති නම් Remote Desktop Connection සඳහා වන Icon එක ක්ලික් කරන්න. දැන් ඉහත රූපයේ දැක්වෙන ආකාරයේ කවුළුවක් දැක්වෙන අතර මෙහි උබුන්ටු පරිගණකයේ IP ලිපිනය සටහන් කොට Enter යතුර press කරන්න.



දැන් ඔබ Remote ආකාරයට උබුන්ටු පරිගණකය හා සම්භන්ධ වනු ඇත. දැන් අදාල පරිගණකයේ පරිශීලක නාමය හා මුරපදය ලබා දෙන්න. දැන් ඔබ Remote ආකාරයට උබුන්ටු මෙහෙයුම් පද්ධතිය හා සම්බන්ධ වනු ඇත. එකම ජාලයක පිහිටි උබුන්ටු හා වින්ඩෝස් පරිගණක Remote ආකාරයට සම්බන්ධ වී එහි දෝශ සැකසීම හෝ වෙනස් කම් කිරීම මෙමගින් ඔබට කළ හැකි වනු ඇත.

0 අදහස් හා මතවාද:

ඉදිරිපත් කිරීම පුරාවටම සංගීතයට සවන්දෙමු

ඔබ ඔෆිස් 2010 භාවිත කරන අයෙකුනම් එහි පහසුකම් වලින් සැබෑම වින්දනයක් ඔබ ලබා ඇත. එසේම අලුතින් ඔබ වෙත භාවිත කිරීමට ලැබී ඇති ඔෆිස් 2013 හි පහසුකම් පිළිබඳ දැනගැනීමට ඔබ කැමැත්තෙන් පසුවනවා ඇත. මෙහි ඇති වඩා වැදගත්ම පහසුකම වනුයේ ඔබගේ ක්‍රියාකාරකම් සියල්ලම පාහේ පහසුවෙන් SkyDrive එසේත් නොමැතිනම් Cloud හී පහසුවෙන් ගබඩා කළ හැකි වීමයි.

අද පාඩම ඔෆිස් 2013 හි පවර්පොයින්ට් මෘදුකාංගයේ ඇති අලුත්ම පහසුකමක් පිළිබඳවය. අප බොහෝ විට ඉදිරිපත් කිරීමක් Audio ගොනුවක් ඇතුළත් කළවිට එය ක්‍රියාත්මක වූයේ එය ඇතුළත් කළ Slide එකෙහි පමණි. බොහෝ විට අදාල Audio එක Slide කිහිපයක ක්‍රියාත්මක විය යුතු වුවද එම ක්‍රියාවලිය සිදු කිරීමට හැකියාව නොතිබුනි නමුත් ඔබ ඔෆිස් 2013 භාවිත කරයි නම් එම ක්‍රියාවලිය පහසුවෙන් කළ හැකිය. පහත තිරසටහන බලන්න.

මෙහිදී අප විසින් Audio එකක් ඇතුළත් කර ගත් පසුව Play Across Slides යන්න තේරීමෙන් Slide කිහියක් පුරා එම Audio ගොනුව වාදනය වනු ඇත. බොහෝ විට මෙම පහසුකම අපගේ ඉදිරිපත් කිරීම් නව ආරකින් ඉදිරිපත් කිරීමට ඔබව පොලබවනු ඇත.

0 අදහස් හා මතවාද:

ෆෝම් වලින් හිස පුරවාගෙනගෙන ජීවිතයම එපා වෙලාද?

ආයතනයක සේවකයන්ගේ තොරතුරු ලබාගැනීමට, ඔවුන්ගේ පවුලේ විස්තර ලබාගැනීමට, එසේත් නැත්නම් වෙනත් අවශ්‍යතා වෙනුවෙන් කොපමණනම් පෝරම් ප්‍රමාණයක් ආයතනක් විසින් භාවිත කරයිද?. බොහෝවිට මෙවැනි පෝරම් එක් එක් සේවකයා වෙත මේල් කිරීමෙන් පසුව ඔවුන් ලවා පුරවා ගෙන නැවතත් ඔබ විසින් එම තොරතුරු දත්ත ගොනුවක හෝ වෙනත් වැඩසටහනක් භාවිත කරමින් පරිගණකයට ඇතුළත් කරනු ලබයි. බොහෝ විට ගණකාධිකරන අංශය විසින් ද මෙවැනි පෝරම භාවිත කරනු ලබන අතරම එම තොරතුරු ඔවුන් විසින් භාවිත කරනු ලබන ගණකාධිකරන මෘදුකාංගය වෙත මෙම පෝරමයේ ඇති දත්ත අලුතින් ඇතුළත් කරනු ලබයි. ජීවිතය එපා කරවන මෙම ක්‍රියාවලියෙන් මිදීමේ මගක් නොමැතිද? ඔබ විසින් පුද්ගලයන් වෙත පිරවීම සඳහා ලබාදෙන පෝරමයේ ඇති දත්ත ඔවුන් පිරවීමෙන් අනතුරුව ක්ෂණිකව දත්ත ගොනුවක් වෙත යැවීමට නොහැකිද? ඒ සඳහා වඩා ඉහළ දැනුමක් ඔබ සතු විය යුතුද?.

අද පාඩම වර්ඩ් හී ඇති මෙම පහසුකම පිළිබඳවය.

බොහෝ විට මෙම පෝරමයන් වර්ඩ් වලින් හෝ එක්සෙල් මෘදුකාංගය භාවිතයෙන් සකසා ගනු ලබන නමුත් පෝරමයක් සැකසීමේදී වැඩි පහසුකම් රාශියක් වර්ඩ් වල දැක ගත හැකි බැවින් වර්ඩ් මෘදුකාංගය භාවිත කොට සැකසූ පෝරමයක් එක් එක් පුද්ගලයන් විසින් දත්ත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇක්සස් හෝ වෙනත් දත්ත ගොනුවක ගබඩා කොට ගන්නා ආකාරය පිළිබඳව හදාරමු.

පහත දැක්වෙන පෝරමය හොඳින් හදුනාගන්න. ඔබ විසින් භාවිත කරනු ලබන පෝරමයන්ද මෙයට සමාන ස්වරුපයකින් දැක්වෙනු ඇත.


ඔබ විසින් වර්ඩ් වල සකසා ගෙන ඇති පෝරමය විවෘත කරගන්න. ඉහත හඳුනාගත් පෝරමය ගතහොත් නම,ඊ මේල් ගිනුම ඇතුළත් කිරීමට කොටසක් වැනි කොටස් වලින් මෙය සමන්විත වනු ඇත. ඔබ විසින් කළ යුත්තේ මේ එක් එක් කොටස් හොඳින් හඳුනාගෙන එම කොටස් වෙනම සටහන් කොට ගැනීමයි. උදාහරණයක් ලෙස මෙහි Name,Email,Purpose,Employee ID,Depatment වැනි කොටස් වෙන වෙනම හඳුනාගන්න(මෙම කොටස් වලට අප Field Name යැයි කියමු). දැන් ඔබ විසින් කළ යුත්තේ මෙම ස්ථානයන්හී ඇතුළත් කරනු ලබන තොරතුරු ගබඩා කිරීම සඳහා දත්ත ගොනුවක් සකසා ගැනීමයි. ඒ සඳහා Access වෙත ප්‍රවිශ්ඨ වී එහි මේ සඳහා Table එකක් සකහා ගැනීමයි. මෙහිදී අප හඳනාගත් Field Name ලබාදෙමින් එහි Table එකක් සකසා ගන්න. එය ඔබ කැමති ස්ථානයක ගබඩා කොට ගන්න.

දැන් තිබෙනුයේ වර්ඩ් හී ඇති පහසුකම් භාවිත කොට දත්ත ගොනුව හා සම්බන්ධ කිරීමයි. මෙහිදී වර්ඩ් හී Developer නමින් මේ වන විටත් ටැබ් එකක් දැකගත හැකිදැයි බලන්න. එසේ ඔබට දැකගත නොහැකිනම් ඔබ විසින් File ටැබ් එක ක්ලික් කිරීමෙන් අනතුරුව Options යන්න තොර්ගන්න පසුව Customize Ribbon යන්න තෝරාගන්න එහි මේ වන විට Developer යන්න තේරී නොමැති අතර එය ක්ලික් කිරීමෙන් පසුව Ok බොත්තම ක්ලික් කරන්න.


ඔබ විසින් Developer ටැබ් එක ක්ලික් කළ විට ඉහත රූපයේ දැක්වෙන පරිදි එය දැක්වෙනු ඇත. ඔබ විසින් කළ යුත්තේ එක් එක් දත්ත ඇතුළත් කිරීමට ඇති ස්ථානයන් වෙත Cursor එක තැබීමෙන් අනතුරුව මෙහි Legacy Forms යටතේ දැක්වෙන කොටස් ඇතුළත් කරගැනීමයි. උදාහරණයක් ලෙස ඉහත පෝරමයේ Name යන්න ඉදිරියෙහි Cursor එක තැබීමෙන් අනතුරුව මෙහි Text Form Field යන්න ක්ලික් කිරීමෙන් තෝරාදෙන්න. එසේම Check Box, Drop Down ආදී කොටස් අවශ්‍ය ස්ථානයන් වෙත ඇතුළත් කරගන්න. පසුව Controls යටතේ ඇති Properties යන්න ක්ලික් කිරීමෙන් මෙලෙසින් ඇතුළත් කරනු ලැබූ කොටස් වල හැසිරීම වෙනස් කරගත හැකිය.


මෙහිදී ඔබ විසින් ඇතුළත් කරනු ලබන දත්තයන් කුමණ ආකාරයකින් දර්ශනය විය යුතුද යන්නත් එහි ඇතුළත් කිරීමට ලබාදෙන උපරිම ඉඩ ප්‍රමාණයත් ඔබට තීරණය කළ හැකිය. එසේම ඔබ විසින් Droup Down එකක් ඇතුළත් කොට ඇත්නම් එමගින් තෝරාගැනීමට ලබාදෙනු ලබන දත්තයන්ද ඇතුළත් කළ හැකිවේ. මෙහිදී Bookmark යටතේ ඔබගේ දත්තයන් ඇතුළත් කරනු ලබන ස්ථානය හඳුනාගැනීම සඳහා නමක් ඇතුළත් කළ යුතුවේ. මෙහිදී පෝරමයේ පුරවන තොරතුරු දත්තගොනුවේ ගබඩා කරනු ලැබීමට අපේක්ෂා කරන බැවින් දත්ත ගොනුවේ අප විසින් Field Name ලෙස ඇතුළත් කළ නාමයම යෙදීම ප්‍රායෝගිකය. උදාහරණයක් ලෙස අප විසින් ඇතුළත් කරනු ලබන පුද්ගල නාමය ඇක්සස් ගොනුවේ ඇති Table එකෙහි Name යන නමින් සකසා ගත් Field එකෙහි ගබඩා කිරීමට අපේක්ෂා කරයි නම් bookmark යටතේද Name යන්නම සටහන් කරන්න. මෙසේ සියලුම කොටස් වෙනුවෙන් නාමයන් ඇතුළත් කරන්න.

පසුව අප විසින් ඇතුළත් කරනු ලබන දත්තයන් දත්ත ගොනුවෙහි ගබඩා කිරීම සඳහා Button එකක් ඔබගේ පෝරමයේ ඇතුළත් කරන්න. එහි මතුපිට CommandButton1 ලෙස දැක්වෙන අතර එය Save ලෙස හෝ වෙනත් සුදුසු නමක් යෙදීමෙන් පසුව Double Click කරන්න. එවිට අලුතින් කෝඩ් ඇතුළත් කිරීමට කවුළුවක් ලැබෙන අතර මෙහි පහත දැක්වෙන විධාන සටහන් කරන්න. ඔබගේ දත්ත ගොනුවේ හා පෝරමයේ ඒ සඳහා වන Filed නාමය එකක් ලෙස තබාගැනීම මෙම විධාන ඇතුළත් කිරීමට පහසුවක් හා මතක තබාගැනීමට පහසුවක් වේ.

Private Sub CommandButton1_Click()
Dim vConnection As New ADODB.Connection
Dim vRecordSet As New ADODB.Recordset
Dim Name, Email, Purpose As String
vConnection.ConnectionString = "data source=F:\MyDatabase.mdb;" & "Provider=Microsoft.ACE.OLEDB.12.0;"
vConnection.Open
Name = ActiveDocument.FormFields("Name").Result
Email = ActiveDocument.FormFields("Email").Result
Purpose = ActiveDocument.FormFields("Purpose").Result
vRecordSet.Open "MyList", vConnection, adOpenKeyset, adLockOptimistic vRecordSet.AddNew
If Name <> "" Then vRecordSet![Name] = Name
If Email <> "" Then vRecordSet![Email] = Email
If Purpose <> "" Then vRecordSet![Purpose] = Purpose
vRecordSet.Update
MsgBox vFirstName & " " & vLastName & " has been added to your database."
End Sub
ඉහත උදාහරණයේ field තුනකට පමනක් දත්ත ඇතුළත් කරනු ලබන විට සටහන් කළ යුතු ආකාරය දක්වා ඇත. ඔබ විසින් අවශ්‍ය පරිදි මෙහි වෙනස් කම් අවබෝධයෙන් ඇතුළත් කරන්න. පසුව මෙම පෝරමය ගබඩා කිරීමෙන් අනතුරුව පුද්ගලයන් වෙත ලබාදෙන්න. ඔවුන් විසින් ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔබ වෙත ලැබෙන පෝරමයන්හී දැක්වෙන Button එක click කිරීම පමනක් පසුව ඔබට කළ හැකිය.

0 අදහස් හා මතවාද:

කාලය ඔබට නොවැදගත් නම් මෙම ලිපිය නොකියවන්න.

Access 2010 භාවිතයෙන් දත්ත ගොනුවක් සහිත වෙබ් අඩවියක් විනාඩි 10 යෙන්

වෙබ් අඩවියක් තුළ ඇක්සස් ගොනුවක් භාවිත කරනුයේ කෙසේද?. දත්තයන් ඇතුළත් කිරීම සඳහා Form සකසා ගැනීමට ඔබ විසින් භාවිත කරනු ලබන තාක්ෂණය කුමක්ද?. උදාහරණයක් ලෙස Table දහයකින් හා ඒ සඳහා වූ Form 10 ක් හා දත්ත ගොනුවට ඇතුළත් කරනු ලැබූ දත්තයන්ගෙන් Report සකසා එය වෙබ් Form ආකාරයෙන් වෙබ් අඩවියක නිරූපණය කිරීමට අපේක්ෂා කරයි නම් මේ සඳහා කොපමන පරිශ්‍රමයක් දැරිය යුතුද. මේ සඳහා ඔබ භාවිත කරනු ලබන තාක්ෂණය කුමක්ද.

1. ඔබ PHP භාවිතයෙන් මෙම ක්‍රියාවලිය කිරීමට අපේක්ෂා කරයි නම් මෙහි සියලු Form හා Report සැකසීම සදහා අවම ලෙස මාසයක කාලයක් ඔබ විසින් වැය කළ යුතුය.

2. ඔබ විසින් ASP භාවිත කොට මෙම ක්‍රියාවලිය කිරිමට අපේක්ෂා කරයි නම් ඒ සදහා අවම ලෙස දින දෙකක් වත් වැය කළ යුතුය. (Visual Studio 2010 භාවිත කරයි නම් එහි ඇති Wizard භාවිතයෙන් තරමක් වේගයෙන් මෙම ක්‍රියාවලිය කළ හැකිය.)

මෙම තාක්ෂණයන් දෙකම භාවිත කළද ඔබට අවම ලෙස දින දෙකක හෝ කාලයක් මේ සඳහා වැය කළ යුතුව ඇත. නමුත් ඔබ විසින් Access 2010 භාවිත කරයි නම් මෙය පැය කිහිපයකින් කළ හැකිය. අවශ්‍ය වනුයේ අපට අවශ්‍ය දත්ත ගොනුව නිවැරදි සම්භන්ධතාවයන්ගෙන් යුතුව සකසා ගැනීම පමණි. Access හී ඇති Wizard පහසුකම භාවිතයෙන් Form හා Report සකසා ගත හැකිය. අවසානයේ මෙම Form හා Report ක්ෂණිකව ක්‍රියාත්මක කරවීම සඳහා Navigation Form එකක් ද Access භාවිතයෙන් සකසා ගත හැකිය. අවසානයේ මෙය අන්තර් ජාලය හා එක් කළ හැකිය. මෙම ක්‍රියාවලිය කරනු ලබන ආකාරය පියවර කිහිපයකින් හදුනාගනිමු.

1. Access 2010 හී File New යටතේ දැක්වෙන Blank Web Database යන නිරූපකය ක්ලික් කිරීමෙන් පසුව Create යන්න තෝරා ගන්න.



2. Table සකසා ගැනීමත් ඒ සඳහා වන Relation Ship සකසා ගැනීමත් කරන්න.

3. Form හා Report සියල්ල සකසා ගන්න.

4. මෙම Form හා Report ක්ෂණිකව ක්‍රියාත්මක කරවීම සඳහා Navigation Form එකක් සකසා ගන්න.



5. දැන් ඔබ විසින් කළ යුතුව ඇත්තේ අන්තර් ජාලය හා මෙය එක් කිරීම පමනි ඒ සඳහා මේ සඳහා File යන්නෙහි ඇති Save and publish යන්න තෝරා ගන්න.



මෙහි දී Publish to Access Services යන්න තෝරා අන්තර් ජාලය හා එක්කිරීම හෝ Save Database As යන්න තෝරා Share Point හි ගබඩා කළ හැකිය.

ඔබගේ දත්ත ගොනුව සහිත වෙබ් අඩවිය දැකගත හැකිවනු ඇත. මෙම පහසුකම ඔබ ඉවතලනවාද එය වැළඳ ගන්නවාද. ඔබගේ ජීවිතයේ කාලය ඔබට නොවැදගත් නම් PHP හෝ ASP මත යැපෙමින් කාලය කා දැමිය හැකිය. නමුත් ඔබට කාලය වැදගත් නම් Access හි මෙම පහසුකම ක්ෂණිකව වැළඳ ගන්න. තීරණය ඔබ සතුය.

0 අදහස් හා මතවාද:

අහස්කුස තුළ සටහන්ව ඇති අපගේ ඔෆිස් ගොනු.

Office 2013 මට ද ඔබටද අලුත්ම අලුත් අත්දැකීමක් නොවුනද මෙහි ඇති එක් සුවිශේෂී පහසුකමක් මා සිත් ගතිමි. එනම් මෙහි ඇති SkyDrive පහසුකමයි. අප විසින් ඔෆිස් නවතම වෙලුම භාවිත කරනු ලබයි නම් ඔබ විසින් ඒ සඳහා Microsoft live ගිනුම් අංකයක් ආරම්භයේදීම ලබාදිය යුතුවේ. මෙහිදී අප Live ගිනුමෙහි ඇති SkyDrive හා සම්බන්ධ වීම ස්වංක්‍රීයව සිදුවෙනු ඇත. සාමාන්‍යයෙන් අප විසින් පරිගණකය භාවිත කොට සකසනු ලබන ගොනුවන් අපගේ පරිගණයේ සංයුක්ත තැටියේ හෝ pen drive එකක් තුළ ගබඩා කිරීම පැරණි අත්දැකීම වූවද ඔෆිස් 2013 හි ඒ වෙනුවට නිතැතින්ම යොමුකරවනුයේ SkyDrive එක වෙතය.


මෙහි ඇති වාසි බොහෝමයක් වේ.

මෙම ගොනුව ගබඩා වනුයේ SkyDrive එකෙහි වීම හේතුවෙන් එය හානි වීමේ අවදානම අඩුය.

එසේම ඔබ විසින් මෙම SkyDrive එක Desktop, Laptop, Tab හෝ Phone එකක් මගින් පිවිසීමේ හැකියාව ඇති නිසා එකම ගොනුව විවිධ මාධ්‍යයන්ගෙන් විවෘත කරගත හැකිවේ.

ඔබ විසින් ඔෆිස් 2013 වෙත ප්‍රවිශ්ඨ වූ පසුව ආරම්භයේදීම ඔබගේ Live ගිනුම් අංකය විමසන අතර මෙය ලබාදීමෙන් මෙම SkyDrive පහසුකම ලබාගත හැකිය.

ඔබ විසින් මේ වන විටත් මෙම Live ගිනුම ලබාදී නොමැතිනම් ඕනෑම ඔෆිස් මෘදුකාංගයක File යටතේ ඇති Account යන්න තේරීමෙන් Live ගිනුම් අංකය ලබාදෙන්න.



දැන් ඔබ කොතැනක සිටියත් කුමන ආකාරයක පරිගණකයක් හෝ ස්මාට් ෆෝන් එකක් භාවිත කළද ඔබ ගබඩා කළ ගොනුව ඒ කුමන හෝ උපකරණයක් භාවිතයෙන් විවෘත කරගත හැකිය. කාර්යාලයේ පරිගණකයේ සකසමින් සිටි ගොනුවෙහි ඉතිරි කොටස ඔබ මඟ යන අතර වාරයේ ඔබගේ ලැප්ටොප් එක භාවියෙන් සම්පූර්ණ කිරීමටත් තවදුරටත් වැඩිදියුනු කිරීම් ඔබගේ ෆෝන් එක භාවිතයෙන්ද කළ හැකිය. ඔබ දැන් සැබෑ නිදහස් මිනිසෙකි.

0 අදහස් හා මතවාද:

Office 2013 ස්පර්ශක තිරය තුළ සුමුදුව හැසිරවීමට නම්

Office 2013 වල ඇති විශේෂත්වය වනුයේ එය ස්පර්ශක තිර සඳහා පහසුකම සඳහා වඩා හොදින් සහාය දැක්වීමයි. ඔබගේ පරිගණකයේ මේ වන විටත් ස්පර්ශක සංවේදී තිරයක් දක්නට ඇත්නම් ඔෆිස් හී පහසුකම් විදිමත්ව හා ඉතා සුමුදුව හැසිරවීම සඳහා ඔෆිස් මෘදුකාංගයේ Touch enable පහසුකම ක්‍රියාත්මක කරවිය යුතුය මේ සඳහා පහත ක්‍රියාකාරකම ඔබ විසින් සිදුකළ යුතුය.

 

 ඔෆිස් මෘදුකාංග කට්ටලයේ තිබෙන ඕනෑම මෘදුකාංගයක් විවෘත කරගන්න Quick Access Toolbar එකෙහි දකුනු පස අවසානයේ දැක්වෙන Touch/Mouse Mode නමින් දැක්වෙන අයිකනය ක්ලික් කරන්න.

මින් Touch යන්න තෝරාගැනීමෙන් ඉතා සුමුදුව ස්පර්ශක තිරයතුල ඔෆිස් හැසිරවිය හැකිවේ.

0 අදහස් හා මතවාද:

Office 2013 ගොනුවක් PDF ආකාරයෙන් ගබඩා කිරීමේදී මුරපදයක් යෙදීම

ඔබගේ පරිගණකයේ ඔෆිස් 2013 මේ වනවිටත් භාවිත කරයි නම් ඉතා පහසුවෙන් ඔබ විසින් සකසනු ලබන ගොනුවක් PDF ගොනුවක් බවට පත් කරගත හැකිවේ. PDF ගොනුවක් බවට පත් කිරීම සඳහා වෙනත් කිසිම තෙවන පාර්ශවීය මෘදුකාංගයක සහාය ලබාගතයුතු නොවන අතරම ඉතා පහසුවෙන් PDF ගොනුවක් බවට පත් කරගැනීමත් එම ගොනුවට මුරපදයක් යෙදීමේ හැකියාවත් ඔබට හිමිවේ. මෙලෙසින් ගොනුවක් සඳහා මුරපදයක් ඇතුළත් කරගනු ලබන ආකාරය හා PDF ගොනුවක් ආකාරයෙන් ගබඩා කරන ආකාරයත් පිළිබඳව විමසා බලමු.

ඔබ විසින් සැකසූ Word හෝ Excel ගොනුව විවෘත කරගන්න. අදාල මෘදුකාංගයේ File යටතේ දැක්වෙන Export විධානය තෝරාගන්න.

මෙහිදී දකුනු පස දැක්වෙන create PDF/XPS නමින් යුත් නිරූපකය ක්ලික් කරන්න.



මෙහිදී ඔබට ලැබෙන Publish as PDF කවුලුවෙහි ගොනුවට ලබාදිය යුතු නාමය සටහන් කොට Publish යන්න ක්ලික් කිරීමෙන් Pdf ගොනුවක් ලෙස පහසුවෙන් ගබඩා කොට ගත හැකිවේ. මෙහිදී ඔබ සකසනු ලබන PDF ගොනුවට මුරපදයක් ඇතුළත් කිරීමට අවශ්‍ය වේ නම් මෙම කවුලුවෙහි Options .. යන්න ක්ලික් කිරීමෙන් පසුව ලැබෙන Options කවුලුවෙන් Encrypt the document with password යන්න තෝරාගන්න පසුව ඔබට මුරපදය ඇතුළත් කිරීම සඳහා කවුළුවක් ලැබෙන අතර මෙම කවුළුවේ අදාල මුරපදය සටහන් කරන්න. දැන් ඔබගේ PDF ගොනුව මුරපදයක් සහිතව ගබඩා වනු ඇත.

0 අදහස් හා මතවාද:

ඔබගේ ප්‍රතිචාරය අවැසි මිනිසුන් වර්ණ යොදා හදුනාගනිමු

අප ජීවිතයට මිනිසුන් සමීප වෙන්නේ අපුරු ක්‍රමවලටය. මේ කුමන ක්‍රමයකට මිනිසුන් අපට සමීප වුවත් අප ඔවුනොවුන්ට සලකනුයේ වෙනස් වෙනස් ක්‍රමයන්ගෙන් හා වෙනස් වෙනස් නිර්නායක භාවිත කොට ගෙන කියුවොත් එය නිවැරදිය. ඇතැම් පුද්ගලයන් ජීවිතයට ඉතා වටිනා සිහිවටන ඉතුරු කරනවා සේම ඇතැමුන් අප ජීවිත තුළට එක්ව ජීවිතය කටුක එකක් කරනු ඇත. අප ජීවිත තලා පෙළන මිනිසුන් හා අප ජීවිතයට වැදගත් යමක් එක් කරන මිනිසුන් අප නිවැරදිව හඳනා ගත යුතුය එවිට එම මිනිසුන්ට ක්ෂණිකව ඔබගේ ගෞරවය හා ඔවුන්ගේ අදහසට ඔබගේ ප්‍රතිචාරය ලබාදිය හැකිය.

සියල්ල පරිගණකයට තීරණය කිරීමට ඉඩහසර ලබාදුන් යුගයක බොහෝවිට විද්‍යුත් තැපෑල පදනම් කොට අදහස් ප්‍රකාශ කරන යුගයක ජීවත් වන අප අපට අවශ්‍ය මිනිසුන්, අවශ්‍ය අදහස් හා ඔබගේ ප්‍රතිචාරයන් ක්ෂණිකව අපේක්ෂා කරනු ලබන පුද්ගලයන් ඔබට එක්වැරම හදුනාගත නොහැකි වීම ඔබ ලබන එක්තරා පරාජයක්ය. නමුත් ඔබට මෙම තීරණය ක්ෂණිකව ගත නොහැකිනම් එයද පරිගණකයට බාරදිය හැකිය.

අද පාඩම Outlook ය.

 

උදෑසන Outlook විවෘත කරගනු ලබන අප කුමන පුද්ගයාට ප්‍රතිචාර දැක්විය යුතුද? කුමන පුද්ගලයා වැදගත්ද වැනි තීරණ ගැනීමට අදාල විද්‍යුත් පනිවිඩ සියල්ල සම්පූර්ණයෙන්ම කියවීමට අපට සිදුවේ. නමුත් කලින් ඔබ විසින් කුමක්, කවරෙක් වැදගත්ද යන්න තීරණය කොට ඇත්නම් ඔබට ලැබෙන විද්‍යුත් පනිවිඩය ක්ෂණිකවම වෛර්ණ ගන්වා අක්ෂර ප්‍රමාණය, අක්ෂර වර්ගය වෙනස්කොට දර්ශනය කරවිය හැකිය. මේ සඳහා ඔබ කළ යුත්තේ මේල් ලැයිස්තුව ඉහළ කොටස right click කොට ලැබෙන මෙනුවෙන් View Setting… යන විධානය තෝරාගැනීමය.

 

 පසුව ඔබට ලැබුනු කවුළුවෙන් Conditional Formatting… යන්න තෝරාගන්න, මෙම තීරණය ගබඩා කිරීම සඳහා ඔබ විසින් නමක් සටහන් කිරීමට නැවත කවුළුවක් ලැබෙන අතර එහි හඳුනාගැනීමට පහසුනමක් සටහන් කරන්න පසුව එම කවුලුවෙහි පහතින් දැක්වෙන condition යන්න තෝරාගන්න. පසුව නැවතත් ඔබට කවුළුවක් දැක්වෙනු ඇත.

 

 මෙම කවුළුවෙහි Search for the word(s) යටතේ විද්‍යුත් පනිවිඩය යක් ලැබීමේදී ඔබට සුව්ශේෂී වන වචනයක් හෝ වචන කිහිපයක් සටහන් කළ හැකිය එසේම මෙහි වෙනස් භාවිතයන්ට අදාල කොටස්ද දැකගත හැකිය එම කොටස්ද ඔබට රිසි පරිදි වෙනස් කරගත හැකිය. පසුව Font කවුළුව ලබාගැනීමෙන් පසුව ඉහත ලබාදුන් කොන්දේසීන්ට එකඟ වන විද්‍යුත් පනිවිඩය දැක්විය යුතු Font වර්ගය වර්ණය වෙනස් කොටස් රිසි පරිදි ලබාදෙන්න. දැන් ඔබට ලැබෙන පනිවිඩය අදාල කොන්දේසියට එකඟ වේනම් ඔබ ලබාදුන් වර්ණ හා font එකෙන් වෙනස් කොට දැකගත හැකිවනු ඇත. ඔබට ක්ෂණිකව පහසුවෙන් මෙවැනි පනිවිඩ බලා ගැනීමටත් ක්ෂණික ප්‍රතිචාර ලබාදීමටත් හැකිවනු ඇත.

0 අදහස් හා මතවාද:

පුලුල්වූ ආයතන ව්‍යුහයක් තුළ ලෝකය පුරා විහිදුනු ශාඛා ජාලයක් ඇති ඔබ ආයතනය Excel හී ඇති මෙම Combine & Merge පහසුකම භාවිත කරනවාද

ඔබ ආයතනය පුලුල් එකක් නම් හා වෙනත් ස්ථානවල එම ආයතනයේම ශාඛා පිහිටුවා ඇත්නම් එක් Excel වැඩපොතක එකට එකතුවී වැඩකිරීම සඳහා SharePoint අඩවියක් භාවිත කර හැකි අතර මෙමගින් එකම Excel වැඩපොතක නොයෙක් ස්ථානවල සිට අවසරලත් පරිශීලයකන්ට පහසුවෙන් දත්ත ඇතුළත් කිරීමේ හැකියාව ලබාදිය හැකිය. නමුත් ඔබගේ ආයතනයේ SharePoint අඩවියක් නොමැතිවුව එකම excel වැඩපොතක කිහිප දෙනෙකුට වැඩකල හැකිය. ඔබගේ ආයතනයේ ශාකා විවිධ ස්ථානවල පිටිවුවා තිබුනද එක ජාලයක් තුළ නොතිබුනද ඔබට එකම වැඩපොතක හවුලේ වැඩ කළ හැකිය. මෙහිදී ඔබ විසින් කළ යුත්තේ ඔබ විසින් හවුලේ දත්ත ඇතුළත් කිරීමට අදාල වැඩපොත විවෘත කිරීමෙන් අනතුරුව Excel හී Review Tab එක වෙත ගොස් Share Workbook නමින් යුතු නිරූකය ක්ලික් කිරීමය. එවිට පහතින් දැක්වෙන කවුළුව ඔබ වෙත ලැබෙනු ඇත. ඔබ විසින් මෙහි Allow changes by more than one user at same time යන විධනය ක්‍රියාත්මක කරවන්න.

මෙම විධානය ඔබ විසින් ක්‍රියාත්මක නොකළහොත් සාමාන්‍යයෙන් Excel වැඩපොතක් එකම අවස්ථාවේ කිහිප දෙනෙකුට විසින් විවෘත කරගැනීමට හැකියාව ලබානොදෙන අතර යම් ලෙසකින් එකම වැඩපොතක් විවෘත කරගැනීම උත්සාහගතහොත් පහල දැක්වෙන පරිදි එයට අවස්ථාව ලබානොදෙන බව දැක්වෙන අතර දෙවන පුද්ගලයාට එම ගොනුව Read Only ආකාරයෙන් පමනක් විවෘත කරගැනීමට අවස්ථාව ලබාදේ.

එකම විටක කිහිප දෙනෙකුට එකවැර වැඩ කිරීමට නම් ඉහත හඳුනාගත් Share Workbook පහසුකම ආදේශ කළ යුතුය. මෙසේ ආදේශ කරගත් ගොනුවක් ජාලයක ඕනෑම පුද්ලයයෙකුට විවෘත කරගත හැකි Share Location එකක ගබඩා කරගැනීමෙන් එකම අවස්ථාවක පුද්ගයන් කිහිප දෙනෙකුට දත්ත ඇතුළත් කිරීමේ හැකියාව ලබාදිය හැකිය.

ආයතනය තුළ වෙනමම ජාලයක් පිහිටුවා තිබුනහොත් මෙම පහසුකම මගින් එම ජාලය හා සම්බන්ධව ඇති පරිගණක ඕනෑම එකකින් අදාල වැඩපොත විවෘත කරගෙන වැඩ කරගෙන යා හැකිය. නමුත් ආයතයේ ශාඛා කිහිපයක් නොයෙක් ස්ථාන වල පිහිටුවා තිබේනම් මෙම පහසුම වෙනත් ආකාරයකින් භාවිත කළ හැකිය. මෙහිදී පළමුව ඉහත හඳුනාගත් Share Workbook පහසුකම ආදේශ කරගැනීමෙන් පසුව අදාල ආයතයේ ශාඛා වෙත ඊ මෙල් ඔස්සේ යැවිය හැකි අතර ඔවුන්ට ඔවුන්ගේ දත්ත ඇතුළත් කොට නැවත ලැබෙන්නට සලස්වන මෙන් ඉල්ලීමක් කළ හැකිය. පසුව ඔබ වෙත ලැබුනු සියළු වැඩපොත් එක් ගොනුවක් බවට පත්කරගත හැකිය. ඔබ විසින් මෙම පහසුකම නොදන්නේ නම් ඔබ විසින් කළ යුත්තේ එක් එක් වැඩ පොත් වල දත්ත Copy, Paste පහසුකම මගින් එක් කිරීමය නමුත් මේ සඳහා සරළ පහසු ක්‍රමයක් Excel සතුය ඔබ විසින් කළ යුත්තේ Excel හී ඇති Compare and Merge Workbook පහසුකම ආදේශ කරගැනීමය.

ඒ සඳහා Excel හි Option යන්න තෝරාගැනීමෙන් Excel Option කවුළුව විවෘත කරගන්න. මෙම ඇති Compare and Merge Workbook පහසුකම Quick Access Toolbar එක වෙත ලබාගැනීම සඳහා Quick Access Toolbar යන්න වම්පසින් තෝරාගන්න. පසුව Choose command from යන්නෙන් All Command යන්න තෝරාගන්න. මේ යටතේ Compare and Merge Workbook ලෙස විධානයක් ඔබට හමුවන අතර මෙම විධානය තෝරාගැනීමෙන් අනතුරුව Add>> යන විධානය මගින් Quick Access Toolbar එක වෙත ආදේශ කරගන්න පසුව මෙම කවුළුවේ දැක්වෙන OK යන විධානය තෝරාගැනීම මගින් මෙම කවුළුවෙන් ඉවත් වන්න.

ඔබ විසින් මෙම Compare and Merge Workbook පහසුකම Quick Access Toolbar එක ලබාගත් පසුව පහත රූපයේ දැක්වෙන පරිදි ඔබ විසින් ප්‍රථමයෙන් වෙනත් ශාඛා වෙත යැවූ Excel වැඩ පොත විවෘත කරගන්න. පසුව Quick Access Toolbar හී දැක්වෙන Compare and Merge Workbook නිරූපකය ක්ලික් කරන්න පසුව එක් එක් ශාඛාවන්හී පුද්ගලයන් විසින් දත්ත ඇතුළත් කොට ඔබ වෙත එවනු ලැබූ ගොනු එකින් එක හඳුන්වා දෙන්න. මෙහිදී Excel විසින් අප විසින් හඳුන්වාදෙනු ලබන ගොනු එක්කොට (merge ) එක් ගොනුවක් බවට පත්තරනු ඇත.

0 අදහස් හා මතවාද:

Excel හී දත්ත ඇතුළත් කිරීමට තත්පරයෙන් Form එකක් සකසා ගනිමු.

ඔබ Excel හී වැඩකරයි නම් එහි දත්ත ඇතුළත් කිරීම සඳහා එක් Record එකක් සඳහා එක් Row එකක් ලෙස වම් පස සිට දකුණු පස දක්වා එක් එක් Cell වල දත්ත ඇතුළත් කරනු ලබයි. මෙහිදී Record එකක් සඳහා Column රාශියක් භාවිත කරයි නම් දත්ත ඇතුළත් කිරීම හිසරදයක් වනුයේ දත්ත ඇතුළත් කිරීමට එක් Row එකක් දිගේ යාමට සිදුවීම නිසාය.

උදාහරණයක් ලෙස පුද්ගලයන් විසින් සටහන් කරනු ලැබූ පොරමයක ලියා ඇති තොරතුරු දෙස බලමින් Excel හී දත්ත ඇතුළත් කිරීමේදී Row එකක් ලෙස සටහන් කරනවාට වඩා එම පෝරමයේ දැක්වෙන පරිද්දෙන්ම පෝරමයක් (Form) සකසාගත හැකිනම් එහිදි ඉහළ සිට පහලට දත්ත ඇතුළත් කිරීම වඩා එය පහසු අත්දැකීමක් වේ. මෙලෙසින් ආයාසයකින් තොරවම පහත රූපයේ දැක්වෙන පරිදි Form එකක් සකසාගැනීමේ හැකියාව එක්සෙල් විසින් ලබාදෙනු ලබන අතරම ඔබ විසින් මෙම පොරමයේ සටහන් කරනු ලබන දත්තය Row එකක් ලෙස ඔබගේ වැඩපොතට එකතු වනු ඇත.

Form පහසුකම ආදේශ කරගනිමු.

ඔබ විසින් පළමුව අදාළ පොරමයේ ශ්‍රීර්ෂ Heading සාමාන්‍ය වැඩපොතක් ලෙසින්ම සටහන් කරගන්න. පසුව Quick Access Toolbar යන්න එකෙහි පහත රූපයේ දැක්වෙන පරිදි දැක්වෙන කුඩා නිරූපකය ක්ලික් කිරීමෙන් පසුව ලැබෙන මෙනුවෙන් More Command යන විධානය තෝරාගන්න.

පසුව ඔබ වෙත ලැබෙන Excel Option කවුළුවෙන් All Commands යන්න තෝරාගැනීමෙන් පසුව එයට පහත දැක්වෙන කොටසින් Form යන්න තෝරා Add>> බොත්ත ක්ලික් කිරීමෙන් පසුව මෙම කවුළුවේ ඇති OK විධානය තෝරාගැනීමෙන් අනතුරුව මෙම කවුළුවෙන් ඉවත් වන්න.

දැන් Excel හී Quick Access Toolbar එකවෙත අලුතින් Form නමින් කුඩා නිරූපයක් ලැබී ඇති අතර මෙම වැඩපොතට අදාලව Form එකක් සකසා ගැනීම සඳහා අදාල නිරූපකය ක්ලික් කරන්න. Excel විසින් ඔබ වෙත Form එකක් ඉහත පළමු රූපයේ දැක්වෙන පරිදි Form එකක් සකසා දෙනු ඇති අතර අදාල පෝරමයේ දත්ත ඇතුළත් කළවිට එය Row එකක් ලෙස වැඩපොතට එක්වනු ඇත.



මෙම පෝරමයේ දකුණු පසට වන්නට New, Delete … ලෙස Command Button කිහිපයක් ද දැක්වෙන අතර මෙම Button භාවිත කොට හොඳ අවබෝධයක් ලබාගන්න

0 අදහස් හා මතවාද:

Copyright © 2013 kotuwegedara.com