එක්සෙල් මෘදුකාංගයේ මැක්රෝ පහසුකම හඳුනාගැනීම

එක්සෙල් හී නැවත නැවත කළ යුතු කාර්යයන් සිදුකරගැනීමේ කාර්යය සඳහා මැක්රෝ පසහුකම ඔබට භාවිත කළ හැකිය. මෙහිදී ඔබට අවශ්‍ය ක්‍රියාවලිය සිදුකරන අවස්ථාවේ එම ක්‍රියාවලිය පිළිවෙලින් ගබඩා කොට ගත හැකි අතරම, විෂුවල් බේසික් එඩිටරය භාවිත කොට අලුතින් මැක්රෝ එකක් සැකසීම හෝ ගබඩා කොටගත් මැක්රෝ එකෙහි වෙනස් කම් සිදුකළ හැකිය. අප විසින් සකසා ගනු ලබන මැක්රෝ එක අපගේ භාවිතයේ පහසුව සදහා Tool bar button එකක් ලෙස සම්බන්ධ කොට තැබිය හැකිය.

පටුන
• මැක්රෝ එකක් සැකසීම ආරම්භ කිරීම හා ගබඩා කිරීම
• සැකසූ මැක්රෝ එකක් ක්‍රියාත්මක කිරීම
• මැක්රෝ එකක් object එකක් සමඟ සම්බන්ධ කිරීම
මැක්රෝ එකක් සැකසීම ආරම්භ කිරීම හා ගබඩා කිරීම

මැක්රෝ එකක් ගබඩා කිරීම සඳහා එක්සෙල් හී පහසුකම් ඇති නමුත් රිබනයේ ඒ සඳහා වන විධාන සාමාන්‍යයෙන් නොදැක්වේ. එක්සෙලි හී Developer ටැබය රිබයෙහි නොදැක්වේනම් මැක්රෝ එකක් සැකසීම සඳහා වන පහසුකම් අපට ලබාගත නොහැකි වේ. යම් ලෙසකින් Developer ටැබය එක්සෙල් රිබනයේ නොදැක්වේ නම් පහත පියවරයන් භාවිතයෙන් මෙම Developer ටැබට රිබනය වෙත ලබාගන්න.

• File ටැබය ක්ලික් කරන්න.
• ඉන් Options යන්නත් Customize Ribbon යන විධානයත් ඉන් තෝරාගන්න.
• Customize Ribbon යටතේ දැක්වෙන Main Tabs යටතේ හමුවන Developer යන්න ක්ලික් කිරීමෙන් තෝරාගන්න. පසුව මෙම කවුළුවෙහි දැක්වෙන OK විධානය ක්ලික් කිරීමෙන් ඉන් ඉවත් වන්න.
මෙහිදී Developer ටැබයෙහි code යටතේ මැක්රෝ එකක් සැකසීම සඳහා අවශ්‍ය පහසුකම් දැකගත හැකිවේ.

මැක්රෝ එක සැකසීම ආරම්භ කිරීම

1. Record Macro යන නිරූපකය ක්ලික් කිරීම මගින් මැක්රෝ එකක් සැකසීම ආරම්භ කළ හැකිය. මෙහිදී ඔබ වෙත Record Macro නමින් යුත් සංවාද කවුළුවක් ලැබෙනු ඇත.
2. මෙහිදී ඔබ විසින් මැක්රෝ එක හඳුනාගැනීම වෙනුවෙන් නමක් සටහන් කිරීම කළ යුතුවේ ඒ සඳහා Macro Name යටතේ සුදුසු නාමයක් ලබාදිය යුතුය
නාමයක් සටහන් කිරීමේදී ඒ සඳහා වන රීතීන් ඇති අතර නාමයක් ආරම්භ විය යුත්තේ අක්ෂරයකිනි, එසේම නාමයෙන් පසුව පසුව අක්ෂර, ඉලක්කම් හෝ underscore එක භාවිත කළ හැකිය. කිසිදු විටක හිස් ඉඩක් (Space) ඇතුළත් කිරීම කළ නොහැකි අතරම යම් ලෙස කින් ඉඩක් තැබීම වෙනුවෙන් underscore එක භාවිත කිරීම ගැටලුවක් නොවේ.

මෙම මැක්රෝ එක ක්ෂණිකව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් යතුරු පුවරුවේ Ctrl යතුර සමඟ භාවිත කිරීම සඳහා එක් අක්ෂරයක් හදුන්වා දිය හැකි අතර මේ සඳහා Simple හෝ Capital අක්ෂරයක් හදුන්වා දී ඇත. ඉහත උදාහරනයෙහි f අක්ෂරය හදුන්වා දී ඇති අතර Ctrl යතුර සමඟ f යතුර press කළ පසුව ඔබ විසින් සැකසූ මෙම මැක්රෝ එක ක්‍රියාත්මක වනු ඇත.

එක්සෙල් මෘදුකාංගය භාවිත කරනු ලබන සෑම විටකම අප විසින් සැකසන මැක්රෝ එක ක්‍රියාත්මක විය යුතු යැයි ඔබ විසින් තීරණය කරයි නම් මෙහි Personal Macro Workbook යන්න තෝරාගත යුතුය.

මෙහිදී මෙම මැක්රෝ එකෙහි භාවිතයමෙහි Description යටතේ සටහන් කිරීම පසු අවස්ථාවක මෙම මැක්රෝ එකෙහි කාර්යය හදුනාගැනීමට ප්‍රයෝජනවත් වනු ඇත.‍

• මෙම සංවාද කවුලුවෙහි Ok බොත්තම ක්ලික් කිරීමෙන් මැක්රෝ එක ගබඩා කිරීම ආරම්භ කළ හැකිය.
• ඔබ විසින් එක්සෙල් මෘදුකාංගයෙහි කරනු ලබන සෑම ක්‍රියාවලියක්ම ඔබ විසින් ලබාදුන් මැක්රෝ නාමය යටතේ ගබඩා වන අතර මෙම ක්‍රියාවලියෙන් අනතරුව Stop Recording යන නිරූපකය ක්ලික් කිරීමෙන් මැක්රෝ එක අවසන් කළ හැකිය.
සැකසූ මැක්රෝ එකක් ක්‍රියාත්මක කිරීම

සැකසූ මැක්රෝ එකක් ආකාර දෙකින් ක්‍රියාත්මක කළ හැකිය

• ඔබ විසින් මැක්රෝ එක ක්‍රියාත්මක වීම සඳහා ලබාදී ඇති ක්ෂනික යතුරු භාවිත කිරීම මින් පළමු ආකාරය වේ මෙහිදී Ctrl යතුර සමඟ ඔබ විසින් ලබාදුන් අක්ෂරය press කිරීම කළ හැකිය.
• දෙවන ආකාරය වනුයේ Macro නමින් යුත් නිරූපකය ක්ලික් කිරීමෙන් ලැබෙන කවුලුවෙන් ක්‍රියාත්මක කිරීමට අවශය මැක්රෝ නාමය තෝරාගැනීමෙන් අනතුරුව මෙහි ඇති Run button එක ක්ලික් කිරීම මගින් එය ක්‍රියාත්මක කිරීමය.

0 අදහස් හා මතවාද:

Copyright © 2013 kotuwegedara.com