Excel හී Visual Basic වැඩසටහනක් ලියන්නේ මෙහෙමයි

අපි හැමෝම ආසයි අපේම පරිගණක වැඩසටහනක් පරිගණකයේ ක්‍රියාත්මක වනවා දැකීමට, හැබැයි ගොඩක් වෙලාවට ඒ සඳහා දැනුම ගොඩක් තිබෙන්න උවමනා කරනවා. නමුත් මෙම පාඩම කුඩා Visual Basic Form එකක් Excel තුළ සකසා ගන්නා ආකාරය පිළිබඳවයි. ඒ සඳහා ඔබගේ පරිගණයේ තිබිය යුතු වන්නේ Excel මෘදුකාංගය පමනයි.


මම සැකසීමට අදහස් කරනු ලබන වැඩසටහන පිළිබඳව හදුන්වා දෙන්නම්. මෙම කුඩා Form එක පළමුව හදුනාගන්න. මෙහි පුද්ගල නාමයක් හා ජාතික හැදුනුම් පත් අංකය ඇතුළත් කිරීමට කොටසක් දැක ගන්න පුළුවන්. මම මෙම කුඩා form එකෙහි ඇතුළත් කරනු ලබන දත්ත ගබඩා කිරීමට අපේක්ෂා කරනුයේ එයත් සමඟ දැක්වෙන Excel worksheet එකෙහිය. මෙහි Column පහක් දැකගත හැකිය. නමුත් අප විසින් Form එකෙහි ඇතුළත් කිරීමට අපේක්ෂා කරනුයේ දත්ත දෙකක් පමණි. මෙහිදී අපගේ හැදුනුම් පත් අංකය පදනම් කොට ගනිමින් ස්ත්‍රී පුරුෂ භාවය,උපන් වර්ෂය,උපන් මාසය හා දිනය ගණනය කොට මෙහි දැක්වෙන Add Button එක ක්ලික් කළ පසුව WorkSheet එකෙහි ඇතුලත් කරගනිමු.

ඔබ දන්නා පරිදි ජාතික හැදුනුම් පත් අංකයේ මුල් ඉලක්කම් දෙකට පසුව දැක්වෙන ඉලක්කම් තුන අංක 500 යට වඩා වැඩි නම් එය ස්ත්‍රියකගේ හැදුනුම් පතක් ලෙසත් එසේ නොමැති උවහොත් එය පිරිමි අයෙකුගේ අංකයක් ලෙසත් හදුනාගත හැකිය. පලමු ඉලක්කම් දෙකට පසුව යෙදෙන ඉලක්කම් තුනන් ස්ත්‍රීයකගේ හැදුනුම් පත් අංකයෙන් 500 ක අගයක් අඩු කිරීමෙන් හා පිරිමි අයෙකුගේ අංකය එලෙසින්ම ලබාගත් පසුව උපන් දිනය දක්වා ඇති ඉලක්කම් සංක්‍යාව නිරූපනය කරයි. උදාහරණයක් ලෙස 1980 ජනවාරි 1 උපන් ස්ත්‍රියකයේ හැදුනුම් පත් අංකය 80501XXXXXV ලෙසත් එදිනම උපන් පිරිමි අයෙකුගේ අංකය 80001XXXXV ලෙසත් දැකගත හැකිය. මෙනිසාම අපට පහසුවෙන් හැදුනුම් පත් අංකයේ මුල් ඉලක්කම් දෙකට 1900 ක් එකතු කල විට උපන් දිනයත්, ඉන්පසුව ඇති ඉලක්කම් 3නෙහි අගය 500 යට වඩා විශාලනම් ස්ත්‍රියක් ලෙසත්, මෙම ඉලක්කම් තුන මගින් උපන් දිනයත් සොයාගත හැකිය.

පලමුව ඔබ විසින් මෙම worksheet එක සකසා ගන්න. මෙහි Birth Date යන column එක තෝරාගැනීමෙන් පසුව format Cell යන්න තෝරා ඉන් Date යන්න හා 14-May යන දින දැක්වෙන ආකාරය හදුන්වා දෙන්න.

මීළඟ කාර්යය වනුයේ වැඩසටහන සැකසීමේ ක්‍රියාවලියයි.

• ඔබ විසින් Alt යතුර සමඟ F11 යතුර එක වැර Press කරන්න. එවිට පහත රූපයේ දැක්වෙන Visual Basic Editor කවුලුව දැකගත හැකිවනු ඇත.

• මීළඟ කාර්යය වනුයේ UserForm එකක් ලබාගැනීමයි. ඒ සඳහා රූපයේ දැක්වෙන නිරූපකය ක්ලික් කරන්න.
• පසුව ඔබ වෙත ලැබුනු Form එකෙහි textbox දෙකක් හා Command Button දෙකක් ඇතුළත් කරගන්න. මෙහිදි text box දෙකෙහි නාමයන් ලෙස TxtName හා TxtID ලෙසත් CmdAdd හා CmdExit ලෙස Command Button දෙක නම් කරන්න. මේ සඳහා අදාල Control එක තේරීමෙන් පසුව වම් පස දැක්වෙන Property කවුලුවෙහි Name යන කොටස භාවිත කරන්න.
• මෙහි එක් command button එකක් ක්ලික් කිරීමෙන් Command කවුළුව වෙත ප්‍රවිශ්ඨ විය හැකි අතර පහත දැක්වෙන කේත එම කවුලුවට Copy කොට Paste කරගන්න.


Private Sub cmdAdd_Click()
Dim iRow As Long
Dim ws As Worksheet
Set ws = Worksheets("Sheet1")
'find first empty row in database
iRow = ws.Cells.Find(What:="*", SearchOrder:=xlRows, _ SearchDirection:=xlPrevious, LookIn:=xlValues).Row + 1
'check for emp Name
If Trim(Me.txtname.Value) = "" Then
Me.txtname.SetFocus
MsgBox "Please enter EMP Name"
Exit Sub
End If
'copy the data to the database
ws.Cells(iRow, 1).Value = Me.txtname.Value
ws.Cells(iRow, 2).Value = Me.txtid.Value
ws.Cells(iRow, 3).Value = IIf(Val(Mid(Me.txtid.Value, 3, 3)) > 500, "Female", "Male")
ws.Cells(iRow, 4).Value = Left(Me.txtid.Value, 2) + 1900
ws.Cells(iRow, 5).Value = IIf(Val(Mid(Me.txtid.Value, 3, 3)) > 500, Val(Mid(Me.txtid.Value, 3, 3)) - 500, Val(Mid(Me.txtid.Value, 3, 3)))
'clear the data
Me.txtname.Value = ""
Me.txtid.Value = ""
Me.txtname.SetFocus
End Sub

Private Sub cmdExit_Click()
x = MsgBox("Are you sure you want to exit", vbYesNo, "Sure")
If x = vbYes Then
Unload Me
End If
End Sub

අවසානයේ ඔබ විසින් මෙම කවුලුවේ ඉහලින් දැක්වෙන run නිරූපකය ක්ලික් කරන්න එවිට අප විසින් සැකසූ වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත. ඉතින් ඔබට හිතෙන ඕනෑම වැඩසටහන් මෙලෙසින් excel හී සකසාගන්න පුලුවන්. සතුටුද අද අලුත් දෙයක් ඉගෙන ගත්තා.

0 අදහස් හා මතවාද:

Copyright © 2013 kotuwegedara.com