විදවන ජීවිතය Kinect සමඟින් විදිමු

ඔබ පරිගණකය අසල හෝ ඔබේ රූපවාහිණී යන්ත්‍රය ඉදිරියට වී අත පය එහේ මෙහේ සොලවමින් උඩ පනිමින් සිටියොත් අන් අය කුමක් සිතාවිද? ඔබ උමතු පුද්ගලෙයකුයැයි අන් අය සිතනු ඇත. නමුත් එසේ සිතුවේ Kinect හී සැබෑ ක්‍රියාකාරීත්වය නොදත් පුද්ගලයන්ය. එසේම සාම්ප්‍රදායික යතුරු පුවරුව, මවුසය, Joy stick වැනි අන්තර් ක්‍රියාකාරීත්වය සඳහා යොදා ගන්නා පාලන උපකරණ වලින් තොරව පරිගණක සමඟ මිනිසුන් අන්තර් ක්‍රියා කරන වෙනස් ක්‍රමවේදයන් චිත්‍රපට වලින් පමණක් ඔබ දැක ඇතත් පසුගිය වසර කිහිපයක කාලයක සිට මෙම නව ක්‍රමවේදයන් සඳහා භාවිතා කරන උපකරණ වානිජ මට්මින් නිපදවමින් පවතී. මයික්‍රොසොෆ්ට් ආයතනය නිපදවූ නවතම Kinect උපකරණය භාවිතයෙන් ඔබේ හැඟීම් ඒ අකාරයටම ඔබේ ප්‍රියතම වීඩියෝ ක්‍රීඩාවට ලබා දිය හැක.

මෙම උපකරනය ඩොලර් 150ක් නොඑසේනම් ලංකාවේ මුදලින් රුපියල් 17,000කට පමණ මෙය ලබා ගත හැක. ඔබගේ ශරීරයේ චලනයන් නිවැරදිව හඳුනා ගන්නා අතරම එම චලනයන් වීඩියෝ ක්‍රීඩාවේ පාලනය සඳහා ඉතා හොඳින් යොදවා ගනී. එනම් ඔබට සෘජුවම පරිගණක ක්‍රීඩාව සමග අන්තර් ක්‍රියාවේ යෙදීමට හැකිය. මුලින්ම නුහුරු වුවද භාවිත කිරීම ආරම්භ කිරීමෙන් පසු සුළු මොහොතකින් එහි ඇති ආශ්වාදය ඔබව එයට ඇද බැඳ තබා ගැනීමට සමත් බව කිව යුතුය. පුළුල් තිරයක් ඉදිරියට වී උඩ පනිමින් අත පය එහේ මෙහේ සොලවමින් එයට කතා කරමින් වීඩියෝ ක්‍රීඩාවේම කොටසක් බවට ඔබ පත් වීම ඔබ අමන්දානන්දයට පත් කරනු නොඅනුමානය.

මයික්‍රොසොෆ්ට් සමාගමේ විශිෂ්ඨ නිපැයුමක් වන මෙම උපකරය ප්‍රථම වරට වෙළඳපොලට නිකුත් කල පසුගිය නොවැම්බර් මාසයේ සිට මේ වන විට එහි ඒකක මිලියන 10 අලෙවි වී තිබේ.

මෙම උපකරණයේ යාන්ත්‍රණය පිළිබඳ තොරතුරු පත්‍රිකාවක්ද මයික්‍රොසොෆ්ට් සමාගමේ පර්යේෂණ සහ සංවර්ධන අංශය සහ Xbox කණ්ඩායම විසින් නිකුත් කර ඇත. එයට අනුව අප ශරීරයේ කොටස් හා චලනයන් හඳුනා ගැනීමට අධෝරක්ත සංවේදක යොදා ගනී. එම ඇල්ගොරිතමය රූපයක ඇති එක පික්සලයකට අප ශරීරයේ එක් අංගයක් වෙන් කිරීමෙන් ඒවා තිබෙන් තැන් වෙන් වෙන්ව හඳුනා ගනී. ශරීරයේ ඉහළ කොටස හා පහළ කොටස වෙන වෙනම හඳුනා ගැනීමට අති විශාල වූ දත්ත ගබඩාවකට ඇතුළත් කර ඇති අතර ශරීර වලනයන්ගේ රූප රාමු 500,000 පමණ භාවිතා කරයි. මෙම දත්ත දිවීම, නැටීම, පයින් ගැසීම වැනි චලන වර්ගීකරණය මගින් 100,000 දක්වා අවම කර ඇති අතර Xbox මගින් මෙම ඇල්ගොරිතමය තත්පරයට වාර 200 පමණ භාවිතා කරයි. මෙය පෙර පැවති ශරීර හඳුනා ගන්නා ක්‍රම වලට වඩා දළ වශයෙන් 10 ගුණයකින් පමණ වේගවත් අතර මේ නිසා වීඩියෝ ක්‍රීඩා කරන්නන්ගේ චලනයන් ඉතා ඉක්මනින් ක්‍රීඩාව සමඟ සම්බන්ධ කිරීමට හැකියාව ලැබී තිබේ.

Kinect යනු Xbox 360 සමඟ ඉතාම ලෙහෙසියෙන් භාවිතා කිරීමට හැකි සංකීර්ණත්වයෙන් තොර සරල උපකරණයකි. භාවිතා කිරීමේදී පිළිපැදිය යුතු කාරණා වශයෙන් මෙය ස්ථාන ගත කිරීමේදී සංවේදකය රූපවාහිණිය ආසන්නයේ මධ්‍යයට වන්නටත්, සංවේදකයට හා භාවිතා කරන්නා වෙත කෙලින්ම හිරු එළිය පතිත නොවීමට වග බලා ගැනීමත්, ඔබ හා සංවේදකය අතර කිසිවකට ඉඩ ඇහිරීමට නොදීමටත්, ශබ්ද හා කම්පනයන් පිට කරන උපකරණයන්ගෙන් ඈත්ව තැබීමත් වැදගත් වේ. දෙදෙනෙක් එක්ව ක්‍රීඩා කරන්නේ නම් අඩි 8කවත් පරතරයක් තබා ගත යුතුවේ. වීඩියෝ ක්‍රීඩා භාවිතා කරන්නන් ලඟ තිබිය යුතු අති විශිෂ්ඨ වින්දනයක් ලබා දෙන උපකරණයක් ලෙස මෙය හැඳින්විය හැක. Kinect උපකරනය Xbox නම් වන විඩියෝ ක්‍රීඩා උපකරනයට සම්බන්ධ කරගත හැකි අතිරේක මෙවලමක් ලෙස ලෝකයට ඉදිරිපත් වුවද ඒය අපගේ සාමාන්‍ය භාවිතය සදහා භාවිත කළ හැකිය.

අද පාඩම ඔබගේ පුද්ලික පරිගණකයට Kinect සම්බන්ධ කරගනුයේ කෙසේද යන්න ගැනය.

Kinect උපකරනය Xbox සමඟ ක්‍රියාත්මක කිරීමට නිපදවා තිබුනද එය ඔබගේ පුද්ගල පරිගණකයෙහි මූසිකය ලෙස හා ඔබෙගේ ශරීරයේ චලනයන් භාවිතයෙන් මෘදුකාංග හැසිරවීම සඳහා භාවිත කළ හැකිය. මෙය සම්පූර්ණ මයිකෝසොෆ්ට් නිමැවුමක් වුවද වින්ඩෝස්, මැක් හෝ ලිනක්ස් වැනි ඕනෑම මෙහෙයුම් පද්ධතියක් සමඟ මෙය භාවිත කළ හැකිය. මෙම උපකරනය ඔබගේ පරිගණකයට සම්බන්ධ කර ගැනීමට නම් අතිරේක කේබලයක් ඔබ විසින් මිළදී ගත යුතුය. ඒ පිළිබඳව විස්තර මෙහි ඇතුළත්ය.

කේබලය ලබාගැනීමට


මින් පසුව ඔබ විසින් Kinect for Windows SDK beta බාගත කර ගැනීමෙන් පසුව එය පරිගණකයට ස්ථාපනය කරගත යුතුවේ.

SDK ලබාගැනීමට


දැන් තිබෙනුයේ ඔබගේ කාර්යයි ඉහත පියවරයන් දෙක අවසානම් ඔබගේ කාර්යය වනුයේ ඔබව ඔබගේ චලනයන් හදුන්වා දී ඒ අනුව ක්‍රියාත්මක වන වැඩසටහනක් සැකසීමය. ඒ සඳහා ඔබට Visual Studio 2010 පහසුවෙන් භාවිත කළ හැකිය. බොහෝ නිර්මාන කරුවන් විසින් සැකසූ මෘදුකාංග තේත නොමිලයේ අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැකි අතරම ඔබ විසින් ඔබගේ හැගීම් පරිගණකට මුසුකිරීමේ කාර්යය මීලඟට ඔබ වෙත පැවරී ඇත. ඔබගේ හැගීම් ඔබගේ පරිගණකය හා මුසු කිරීමේ කාර්යය ඔබට කළ හැකිය. Kinect සමගින් ක්‍රීඩා කිරීම වෙනුවට අපගේ චලනයන් භාවිත කොට අපූරු නිමැවුම් කිරීමේ හැකියාව ඔබට ඇත.

ඉතින් කිනෙක්ට් සමඟින් ජීවිතය විදීමටත් එය භාවිත කොට වැඩසටහනක් සැකසීමටත් මා ඔබට ඇරයුම් කරමි. ඔබට යම් ගැටළුවක් වෙතොත් මා උදවු වීමට කැමැත්තෙන් පසුවෙමි.

0 අදහස් හා මතවාද:

Copyright © 2013 kotuwegedara.com