Office 2013 ගොනුවක් PDF ආකාරයෙන් ගබඩා කිරීමේදී මුරපදයක් යෙදීම

ඔබගේ පරිගණකයේ ඔෆිස් 2013 මේ වනවිටත් භාවිත කරයි නම් ඉතා පහසුවෙන් ඔබ විසින් සකසනු ලබන ගොනුවක් PDF ගොනුවක් බවට පත් කරගත හැකිවේ. PDF ගොනුවක් බවට පත් කිරීම සඳහා වෙනත් කිසිම තෙවන පාර්ශවීය මෘදුකාංගයක සහාය ලබාගතයුතු නොවන අතරම ඉතා පහසුවෙන් PDF ගොනුවක් බවට පත් කරගැනීමත් එම ගොනුවට මුරපදයක් යෙදීමේ හැකියාවත් ඔබට හිමිවේ. මෙලෙසින් ගොනුවක් සඳහා මුරපදයක් ඇතුළත් කරගනු ලබන ආකාරය හා PDF ගොනුවක් ආකාරයෙන් ගබඩා කරන ආකාරයත් පිළිබඳව විමසා බලමු.

ඔබ විසින් සැකසූ Word හෝ Excel ගොනුව විවෘත කරගන්න. අදාල මෘදුකාංගයේ File යටතේ දැක්වෙන Export විධානය තෝරාගන්න.

මෙහිදී දකුනු පස දැක්වෙන create PDF/XPS නමින් යුත් නිරූපකය ක්ලික් කරන්න.



මෙහිදී ඔබට ලැබෙන Publish as PDF කවුලුවෙහි ගොනුවට ලබාදිය යුතු නාමය සටහන් කොට Publish යන්න ක්ලික් කිරීමෙන් Pdf ගොනුවක් ලෙස පහසුවෙන් ගබඩා කොට ගත හැකිවේ. මෙහිදී ඔබ සකසනු ලබන PDF ගොනුවට මුරපදයක් ඇතුළත් කිරීමට අවශ්‍ය වේ නම් මෙම කවුලුවෙහි Options .. යන්න ක්ලික් කිරීමෙන් පසුව ලැබෙන Options කවුලුවෙන් Encrypt the document with password යන්න තෝරාගන්න පසුව ඔබට මුරපදය ඇතුළත් කිරීම සඳහා කවුළුවක් ලැබෙන අතර මෙම කවුළුවේ අදාල මුරපදය සටහන් කරන්න. දැන් ඔබගේ PDF ගොනුව මුරපදයක් සහිතව ගබඩා වනු ඇත.

0 අදහස් හා මතවාද:

Copyright © 2013 kotuwegedara.com