අපේම Function එකක් Excel වලට එකතු කරමු ෴


අපගේ ඕනෑම ගැටලුවකට විසදුම්ඇති එකම මෘදුකාංගය එක්සෙල් යැයි කිවහොත් ඔබ තර්ක කිරීමෙන් තොරව එය පිළිගනු ඇත. මේ තුළ ඇති 480 කට වැඩි වෙනස් භාවිතයන්ගෙන් යුතු Function ඕනෑම ගැටළුවකට පිළිතුරු ලබාදෙනු ඇත. එක්සෙල් Function එකක් තුළ ඇති විචල්‍ය කොටසකට නැවත Function එකක් ඇතුළත් කරගත හැකි බැවින් හා එලෙසින් එකක් තුළ එකක් function උපරිම 60 ක් දක්වා ඇතුළත් කරගැනීමට හැකි වීමෙන් අපට කිසිදින සිතාගත නොහැකි සංක්‍යාවක ගැටළුවලට පිළිතුරු ලබාගත හැකිය. 

නමුත් ලාංකීය අප ගත් කළ අපගේ ගැටළු විසදීමට Excel වලට වත් නොමැති බව නම් පැහැදිලිය. මෙනිසාම ඇතැම් විට අපගේ අවශ්‍යතාවය වෙනුවෙන්ම අලුතින් Function  සකසා ගැනීමට අපට අවශ්‍ය වනු ඇත. එස්සෙල් ඒ සඳහාද ඔබට පහසුකම් ලබාදෙනු ඇත. 

අපි කුඩා Function එකක් සකසා Function එකක් සකසා ගන්නේ කෙසේදැයි ඉගෙන ගනිමු. 

අප විසින් අලුතින් Function එකක් සැකසීමට අපේක්ෂා කරයි නම් පළමුව ඒ සඳහා පහසුකම් ලබාදෙන Developer Tab එක අපගේ එක්සෙල් හී Ribbon එක වෙත ලබාගත යුතුය. මේ සඳහා File Tab එක තෝරා ඉන් Options යන්න තෝරාගත යුතුය පසුව Customize Ribbon යටතේ ඇති Developer යන්න තෝරාගැනීමෙන් අනතුරුව Ok යන්න තේරීමෙන් පසුව මෙම කවුළුවෙන් ඉවත් විය හැකිය.


 

එවිට ඔබට අලුතින් Developer නමින් Tab එකක් Ribbon එකෙහි පහත රූපයේ පරිදි දැක්වෙනු ඇත. අප විසින් අලුතින් Function එකක් සැකසීමට අපේක්ෂා කරන බැවින් මින් Visual Basic නමින් වම් පසින් දැක්වෙන අයිකනය ක්ලික් කරන්න. එවිට පහත රූපයේ පරිදි අලුත් කවුළුවක් ඔබට දැකගත හැකිවනු ඇත. මෙම කවුළුව VBA ලෙස හදුන්වනු ලැබේ. අප විසින් Macro සකසා එහි වෙනස් කම් සිදුකිරීමට භාවිත කරනුයේ මෙම කවුළුවයි. ඔබ පැරණි විෂුවල් බේසික් 6 පිළිබඳව යම් අබබෝධයක් ඇත්නම් මේ ඔබ දන්නා Visual Basic මය. 

මීලඟ කාර්යය වනුයේ අපට අවශ්‍ය Function එක සකසා ගැනීමේ කාර්යය ආරම්භ  කිරීමය. මෙහිදී ඔබ විසින් Insert යටතේ ඇති Modules යන්න තෝරාගැනීමෙන් අනතුරුව අලුතින් Module එකක් එක් කරගත හැකි අතර එය ලබාගැනීමෙන් පසුව කිසිදු සටහනකින් තොර හිස් කවුළුවක් ඔබ වෙත ලැබෙන ඇත.

මින් පසුව පහත රූපයේ දක්වා ඇති පරිදී Function යන වචනය සටහන් කිරීමෙන් පසුව Function එකට ගැළපෙන නාමයක් ලබාදිය හැකිය. මා විසින් මේ සඳහා ලබා දී ඇත්තේ  NumberToText යන්නය. ඔබගේ Function එකෙහි භාවිතය අනුව ඊට ගැළපෙන නමක් යෙදීමෙන් අනතුරුව පහත දැක්වෙන පරිදී End Function යන්නේ මෙය අවසන් කළ හැකිය. දැන් ඇත්තේ ඔබගේ Function එක මගින් සිදුවිය යුතු ක්‍රියාවලිය සටහන් කිරීමය.

ඕනෑම එක්සෙල් Function එකක් ගතහොත් එහි Parameter නමින් වරහන් තුළ කොටසක් දැකිය හැකිය. බොහෝ Function වල Parameter කොටස් එකකට වඩා තිබේ. මෙම කොටස් වලට අපට අවශ්‍ය දත්ත ආදේශ කිරීමේ හැකියාවෙන් යුක්ත වේ. ඔබ විසින් Function එක තුළට පිටතින් තොරතුරු ලබාගැනීමේ කාර්යය වෙනුවෙන් Parameter කොටස් භාවිතය අනුව එක්කරන්න. මෙහිදී Parameter එකට නමක් හා එයට ආදේශ කරගත හැක්කේ කුමන වර්ගයේ දත්තයන්ද යන්නද තීරණය කළ යුතුය. පහත උදාහරණයේ මා විසින් YourNumber නමින් Parameter එකක් හා එයට ආදේශ කරනුයේ Double වර්ගයේ දත්තයක් යන්නත් DisplayText යන්නට ආදේශ කරනුයේ String වර්ගයේ දත්තයක් යන්නත් හදුන්වා දී ඇත.


මින් පසුව  Function එකෙහි Parameter වලින් ඇතුළට ගෙන එන දත්ත යම් කිසි ක්‍රියාවලියකට යොමුකොට පිළිතුර පිටතට ලබාදිය යුතු බැවින් අවසානයේ Function එකෙහි නාමය සටහන් කිරීමෙන් පසුව පිටතට යොමුකරනු ලබන උත්තරය සටහන් කරන්න. ඉහත උදාහරනය අවබෝධ කරගන්න. මින් පසුව මෙම කවුළුවෙන් ඉවත් වන්න. දැන් ඔබ විසින් සමාන කිරීමේ ලකුණ සටහන් කිරීමෙන් පසුව Function එකේ නම සටහන් කිරීමට උත්සාහ කිරීමේදී පහත පරිදි අප විසින් සැකසූ Function එකත් එහි ඇති Parameter කොටස් වලට ආදේශ කරනු ලබන තොරතුරුත් ඇතුළත් කළ හැකිය. පසුව ඔබ Enter යතුර press කල පසුව සාමාන්‍ය Function එකක් පරිදි උත්තරය දැක්වෙනු ඇත.


ඔබගේ  අවශ්‍යතාවය අනුව බොහෝ විට මෙලෙසින් Function සකසා ගැනීමේ හැකියාව ඔබට ඇත. එසේම මෙලෙසින් සකසා ගන්නා Function සියල්ල Insert Function  කවුළුවේ User Defined යන කොටසේ දැකගත හැකිවනු ඇත.
මෙම කුඩා උදාහරණය මගින් ඔබට යම් දැනුමක් ලබාගැනීමට හැකියාව ලැබෙන්නට ඇතැයි සිතමි.෴

2 අදහස් හා මතවාද:

Copyright © 2013 kotuwegedara.com