Microsoft Office Mix හා ඔබේ හෙට දින ඉදිරීපත් කිරීම (Power Point 2013)

අප ඉදිරිපත් කිරීම් සඳහා නොයෙකුත් උපක්‍රම භාවිත කරන ලදි, මෑත යුගයේ දී අප PowerPoint භාවිත කොට එම ඉදිරිපත් කිරීම වර්ණ ගැන්වූයෙමු. PowerPoint වල තිබූ Animation, Transition භාවිත කොට අපගේ ඉදිරිපත් කිරීම සිත් තුළ පැළපදියම් කිරීමට උත්සාහ ගනිමු. නමුත් මෙම පහසුකම් මෑත කාලීනව වෙනස් විය යුතු යැයි ඔබ මොහොතකට වත් සිතුවා ද?. ඔබ නොසිතූවද මෙම පහසුකම් වර්තමාන අවශ්‍යතා සියල්ල සැපිරීමට ප්‍රමාණවත් නැත. අද වන විට ඉදිරිපත් කිරීමක් වෙනුවෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු එක් ස්ථානයකට ගෙන ඒම සිහිනයක් වී ඇත.  එසේම නරඹන්නන් වෙන දා නොදකින අවශ්‍යතාවයන් ගෙන් පිරිපුන් පිරිසක් වී ඇත.  


මේ සඳහා හොඳම විසඳුම Microsoft Mix ය. එමගින් නව යුගයට ගැළපෙන ඉදිරිපත් කිරීමක් ඔබට කළ හැකිය. Microsoft Mix නවතම මෘදුකාංගයක් නොවේ එය PowerPoint වලට අලුතින් එක් කල නැවුම් එක් කිරීමක් වේ. මෙමගින් අපගේ ඉදිරිපත් කිරීමට අපගේ හඬ, රූපය හා වෙනත් නිර්මාණශීලී කොටස් එකතු කිරීමක් කිරීමටත් ප්‍රේක්ෂකයාට වෙත ප්‍රශ්න යොමු කිරීම, ඔවුන්ගේ අදහස් දැන ගැනීම හා ප්‍රේක්ෂකයාට සමඟ විවිධ  ක්‍රියාකාරකම් එක් කර දීමට සමත් වනු ඇත. අවසානයේ මෙය ගොනුවක් ලෙස අන්තර්ජාලය හා එක් කිරීමටත් එය ඕනෑම විටක ප්‍රේක්ෂකයාට නැරඹීමටත්, එය නවතා නැවත අවස්ථාවක නැරඹීමටත් අවස්ථාව ලබා දෙනු ඇත. 
එසේම ප්‍රේක්ෂකයා විසින් එම ඉදිරිපත් කිරීම නිවැරදි අයුරින් ග්‍රහණය කරගෙන ඇතිද. ඔවුන් වෙත ලබාදුන් ප්‍රශ්ණ වලට පිලිතුරු ලබාදී ඇත්තේ කුමණ ආකාරයටද යන්න ඔබට දැනගත හැකිය.





ඔබ ලෝකයේ කෙහේ සිටියද ඔබගේ ඉදිරිපත් කිරීම ඔබ කැමති පුද්ගලයන්ට නැරඹීමට ලබාදිය හැකිය. ඒ සඳහා https://mix.office.com/ වෙත ගොස් Mix බාගත කරගත හැකිය. මෙය ස්ථාපිත කරගැනීමෙන් අනතුරුව ඔබගේ PowerPoint මෘදුකාංගයට අලුතින් Mix නමින් ටැබ් එකක් ලැබෙනු ඇත.
මෙමගින් ඔබට ඔබගේ කටහඩින්ම හා ඔබගේ ඉදිරිපත් කිරීම විඩියෝ එකක් ආකාරයෙන් සැකසීමටත් ඔබ විසින් අවසානයේ අසනු ලබන ප්‍රශ්න ඇතුළත් කිරීමටත් අවසානයේ මෙමය Office Mix ගොනුවක් ආකාරයෙන් සකහා Mix අඩවියේ ගබඩා කළ හැකිය. මෙහි පහසුකම් හඳුනාගැනීම හා භාවිතයන් පිළිබඳ දැක්වෙන පහත Mix ඉදිරිපත් කිරීම නරබා වැඩිදුර අවබෝධයක් ලබා ගන්න. අනාගත ඔබගේ ඉදිරිපත් කිරීම Mix විය යුතු නොවේද. 


0 අදහස් හා මතවාද:

Copyright © 2013 kotuwegedara.com