විෂුවල් බේසික් 6 වැඩසටහන් VisualBasic.Net හෝ C# බවට පරිවර්තනය කරගැනීම

Visual Studio Language Convert Extension

බොහෝ ශ්‍රී ලාංකීකයන් පිරිසක් තම පළමු පරිගණක භාෂාව ලෙස විෂුවල් බේසික් උගත් අයවලුන්වේ. බොහෝ පුද්ගලයන් පිරිසක් අදටත් පරිගණක වැඩසටහන් ලිවීම සඳහා භාවිත කරනුයේ   Visual Basic 6 ය. මෙම පරිගණක භාෂාව ආධුනිකයෙකුට සරළව පහසුවෙන් වැඩසටහනක් ලිවීමට උපකාරීවන භාෂාවකි. බොහෝ අපහසුවෙන් මතක තබාගත යුතු දැඩි රීතින් ගෙන් සමන්විත නොවන නිසාම ඉතා පහසුවෙන් උගත හැකි භාෂාවක් වේ. නමුත් Visual Basic 6 පරිගණක භාෂාව Object Oriented නොවීම නිසාත් ලෝකයේ බොහෝ පරිගණක භාෂාවන්   Object Oriented දිශාවට ගමන් කරමින් සිටින නිසාත් මෙම භාෂාව මළ භාෂාවක් වෙමින් පවතී.

අප විසින් සැකසූ Visual Basic පරිගණක වැඩසටහන් Visual Basic.Net හෝ C# බවට පත්කළ නොහැකිද?

බොහෝවිට අපට Visual Basic 6 වලින් සැකසූ වැඩසටහනක් එක් වරම Visual Studio වෙත ගෙන ආ නොහැකි වේ. මෙහිදී Microsoft Visual Basic 2005 Express Edition එක පරිගණකයේ ස්ථාපිත කරගැනීමෙන් පසුව Visual Basic 6 වලින් සැකසූ වැඩසටහන විවෘත කරගත් පසුව එය බොහෝවිට Visual Studio වලින් විවෘත කරගත හැකි වැඩසටහනක් බවට පරිවර්තනය වේ. යම් යම් විධාන අඩුපාඩු ඇත්නම් ඔබ විසින් මෙම අඩුපාඩු සකසා ගැනීමෙන් අනතුරුව Visual Studio වලින් විවෘත කරගන්න. දැන් ඔබ විසින් කලින්ම Visual Basic 6 වලින් සැකසූ පරිගණක වැඩසටහන Object Oriented පහසුකම් ඇති Visual Basic.Net වැඩසටහනක් වී අවසන්ය.

ඉහත පරිදි Visual Basic.Net වලට පරිවර්ථනය කරගත් වැඩසටහන තවදුරටත් වැඩිදියුනු කිරීම හෝ C# වැඩසටහනක් බවට පරිවර්ථනය කරගත හැකිය. මේ සඳහා Visual Studio සඳහා හදුන්වා දී ඇති Language Convert Extension එක ස්ථාපිත කරගත යුතුය. මෙම දිගුව ඔස්සේ ගොස් එය භාගත කරගත හැකිය. 
http://visualstudiogallery.msdn.microsoft.com/cc8da841-f978-4c3e-8397-c820bd57298c



මෙය ස්ථාපිත කරගැනීමෙන් අනතුරුව Visual Studio හී View මෙනුව තෝරා ඉන් Other Windows යන්න තේරීමෙන් පසුව ඉන් LanguageConvertor යන්න තේරීය හැකිය. මින් පසුව අලුතින් කවුළුවක් ඔබට දැකගත හැකිවන අතර මෙය භාවිත කොට VisualBasic C# ලෙසටද C# වැඩසටහන් VisualBasic ලෙසටත් පරිවර්තනය කරගත හැකිය. 
ඔබ VisaulBasic.Net භාවිත කරනවාද C# වලින් ඉදිරියේදී පරිගණක වැඩසටහන් සකසන්නේද යන්න ඔබ විසින් තීරණය කරන්න.

3 අදහස් හා මතවාද:

පේළි තුනකින් කථා කරන වැඩසටහනක් C# වලින් ලියමු. (ගොළුවන් නොවෙමු කථිකයන් වෙමු)


ඔබ ටයිප් කරන යමක් ශබ්ධ නගා කියවන වැඩසටහක් ලියන්න  ආස ඇති. නමුත් අකුරින් අකුර ශබ්ධ ගබඩා කරලා ඒක ශබ්ධ වෙන්න ඒ ආකාරයේ වැඩසටහනක් ලියන්න ගොඩක් මහන්සි වෙන්න ඕනේ කියලා ඔබට හිතන්න ඇති. ඒ නිසාම ඔබ එහෙම වැඩසටහනක් ලියන්න උත්සාහ නොකරන්න ඇති. නමුත් අපි පේළි තුනකින් ඔබ සිතූ පරිගණක වැඩසටහන ලියමු. 

පළමුව Visual Studio වලට ගොස් New Project යන්න තෝරා Windows Forms Application යන්න තෝරාගන්න. පසුව ඔබගේ වැඩසටහන සඳහා සුදුසු නමක් සටහන් කොට OK යන්න තෝරාගන්න.



පසුව ඔබ වෙත ලැබී ඇති Form එකෙහි TextBox එකක් හා Button එකක් ඇතුළත් කරගන්න.පසුව Solution Explorer හී දැක්වෙන Reference යන්න right click කිරීමෙන් පසුව Add Reference... යන්න තොරා ගන්න පසුව ලැබෙන කවුළුවෙන් System.Speech යන්න  හඳුන්වා දෙන්න


පසුව ඇතුළත් කොට ඇති Button එක ද්වික්ලික් කිරීමෙන් අනතුරුව පහත විධාන කිහිපය සටහන් කරන්න

var myVoice = new System.Speech.Synthesis.SpeechSynthesizer(); 
myVoice.SetOutputToDefaultAudioDevice();
myVoice.Speak(textBox1.Text);

දැන් සැකසූ වැඩසටහන Run කරන්න මොකද ඔබ TextBox හි ඇතුළත් කරනු ලබන සටහන Button එක ක්ලික් කර පසුව හඩ බවට පරිවර්තනය වනු ඇත. මොකද හිතෙන්නේ අපි සමහර විට අමාරුයි කියලා හිතන දේවල් කරන එක කොච්චර ලේසි දෙයක්ද? Visual Studio හා C# ඔබ ඉක්මනින්ම පරිගණක වැඩසටහන් කරුවෙකු කරනු ඇත. 

ඔබගේ අදහස සටහන් කරන්න. අපි තව පරිගණක වැඩසටහකින් හමුවෙමු.


0 අදහස් හා මතවාද:

Copyright © 2013 kotuwegedara.com